Gossip

FIFA ලෝක පාපන්දු පිටියට සිංහ ධජයත් එක්වෙයි – සියලු විස්තර මෙන්න

මේ දවස්වල ජනප්‍රියම මාතෘකාව තමයි ෆිෆා (FIFA) එහෙමත් නැත්නම් පාපන්දු ලෝක ශූරතා තරඟාවලිය.

ඉතින් මේ තරඟාවලියේ සමාරම්භයට රුසියාවට ගිය ශ්‍රී ලාංකික ළමා පාපන්දු ක්‍රීඩකයන් දෙන්නෙක් ගැන දැන් හැමතැනම කතාවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ, දොළොස් හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුක බණ්ඩාර සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන අයාන් සදාත් නම් ශිෂ්‍යයන් දෙදෙනායි.

ඉතින් මේ දෙන්නා දින 10 ක් රුසියාවේ ඉඳලා, රටවල් 211 ක් නියෝජනය කළ යොවුන් ක්‍රීඩකයන් සමග සුහද පාපන්දු තරගාවලියකටත් සහභාගී වෙලා තියෙනවා.

රුසියාවේ පැවැත්වෙන ජගත් පාපන්දු ලෝක කුසලානයට සමගාමීව පැවැත්වූ මෙම සුහද පාපන්දු වැඩසටහන ජගත් පාපන්දු පාලක මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණා.

එම පාපන්දු වැඩසටහනට එක්වූ ඔවුන් දෙදෙනාට ලෝක කුසලාන සමාරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමටද අවස්ථාව හිමිවෙලා තියෙනවා.

ලෝක කුසලානයේ රුසියාව හා සවුදි අරාබියාව අතර සමාරම්භක තරගය නැරඹීමටත් ඔවුන් දෙදෙනාටම අවස්ථාව හිමි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!