Gossip

දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගෑනු ළමයි ගැනවත් උනන්දු වෙන්න වෙලාවක් නෑ – දෙවෙනි ඉනිමේ චබී කියපු කතාව

දෙවෙනි ඉනිමේ චබී කිව්වම දැන්නම් නොදන්න කෙනෙක් නෑනේ. නමින් ඔහු කනිෂ්ක ප්‍රසාද්. චබී ක්ෂේත්‍රයට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හි ගායකයෙක් විදියට. ඊටපස්සේ ඔහුව දෙවෙනි ඉනිමෙන් රංගනයට පිවිසෙනවා. මේ ඔහුගේ මේ ගමන ගැන සති අන්ත පුවත්පතක් සමග කල කතාබහක්.

දැන් මිනිස්සුන්ට කනිෂ්ක ප්‍රසාද්ව අමතකම වෙලා වගේ?
අමතකම වෙලා කියන්නත් බෑ. ඒත් ඉතින් ගොඩක් දෙනා මාව දන්නේ දැන් කනිෂ්ක ප්‍රසාද් නෙවෙයි ‘චබි’ කියලා.

දෙවෙනි ඉනිම නිසා ගොඩක් කාර්යබහුල ඇති නේද?
ඔව්. ඇත්තටම කාර්යබහුලයි. ඩ්‍රාමා එක වගේම අපි ඒ හරහා විදේශ සංචාරවලටත් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඉතින් තරමක් කාර්යබහුලවයි ජීවිතේ ගතවෙන්නේ.

අලුතින් සිංදුවක් එහෙම කළේ නැද්ද?
අලුත් සිංදුවක් කරලා තියෙන්නේ. දෙවෙනි ඉනිමේ යම් යම් අවස්ථා අරගෙන විෂුවල් එකකුත් කළා. ගොඩක්ම ප්‍රසංගවලට සම්බන්ධ වෙන නිසා ගායනයෙන් එක විදිහටම කරගෙන යනවා.

අන්තිමට ගායකයා නැතිම වෙලා යාවිද?
එහෙම නම් වෙන එකක් නෑ. එහෙම හිතන්න ගොඩක් දෙනෙක් යොමු වෙලා ඉන්නේ. නිතරම දෙවෙනි ඉනිම හරහා දකින්න ලැබෙන නිසා. නැතුව ගායනය මගහැරිලා නෑ.

කොහොමද රඟපාන්න අවස්ථාව ලැබුණේ?
ඩ්‍රීම් ස්ටාර් හත් වන අදියරේ ආරම්භක උත්සවයට මට ආරාධනා ලැබුණා. එතැනදී දෙරණ සභාපතිතුමා ඇතුළු පිරිස කතාබහක් තිබුණා මේ දෙවෙනි ඉනිම නාට්‍ය ගැන. ඉතින් මටත් රඟපාන්න ආසාවක් තිබුණු නිසා මම ගිහින් කතා කරලා මටත් අවස්ථාවක් හදා ගත්ත. දෙවෙනි ඉනිමේ චරිතයක් විදිහට මිනිස්සු අතරට එන්න.

ගායනයද ‍ලේසි රංගනයද?
ගායනය ‍ලේසි රංගනයට වඩා. මොකද පැය දෙක තුනක මහන්සියක් විතරනේ ගායනයේදී වැය කරන්න වෙන්නේ. ඒත් රංගනය කියන්නේ එහෙම නෙවෙයි. දිගටම ගලාගෙන යන ක්‍රියාවලියක්. හැබැයි ඉතින් හරිම සුන්දරයි. වෙලාවකට දැනෙන්නෙත් නෑ මේ රඟපානවාද කියලා. හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම පවු‍ලේ අය වගේ ඉන්න පිරිසක් එක්ක වැඩ කරන කොට හරි ආසාවෙන් රඟපාන්න පුළුවන්.

එතකොට දැන් ප්‍රතිචාර ලැබෙන්නේ ගායනයටද? නාට්‍යයටද?
ඒක නම් පැහැදිලිවම ඉතින් නළුවට තමයි.

දෙවෙනි ඉනිම නිසා ලැබුණු වෙන ආරාධනා එහෙමත් ඇති නේද?
ඔව්, ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙන්නේ. ඒත් කාලය මදිකම නිසා සම්බන්ධ වෙන්න හැකියාවක් නම් නෑ ඉතින්.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?
ලංකාවේ විතරක් ‍නෙවෙයි විදේශවලත් ලක්ෂ 26ක පමණ ප්‍රේක්ෂක පිරිසක් දෙවෙනි ඉනිම වටා එකතු වෙලා ඉන්නවා. දෙවෙනි ඉනිම කියන්නේ ඉන්දියානු, කොරියානු රැල්ලට ඇබ්බැහි වෙලා හිටපු පිරිසට ඉන් මිදෙන්න ගෙනාපු විසඳුමක්. ඉතින් සතුටුයි ගොඩක්. මොකද ඒ අරමුණ සාර්ථකයි.

මයික් – චබි කියන්නේ සැබෑ ජීවිතෙත් යාළුවෝද?
ඔව්. අපි දෙන්නා හොඳ යාළුවෝ. දෙනුවන් අයියා මට යාළුවෙක්ටත් වඩා මගේම අයියා වගේ. ඒ වගේම කියන්න ඕනි රංගන ජීවිතේ මගේ ගුරා තමයි දෙනුවන් අයියා. හැම තැනකදීම ළඟින් ඉන්න හොඳ යාළුවෙක්, සහෝදරයෙක්, ගුරුවරයෙක් හැටියටයි මම ඔහුව දකින්නේ.

මුලදී වගේම තවමත් ප්‍රතිචාර ලැබෙනවාද?
ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙලා නෑ. මුලින්ම මිනිස්සු අපිව අඳුරගන්න කාලයක් ගත්තා. දැන් නම් ඉතින් මයික්, චබි කියන්නේ හොඳටම හුරු පුරුදු දෙන්නෙක් වෙලා.

හැබෑ ජීවිතෙත් ගෑනු ළමයි ගැන ගොඩක් උනන්දු ඇති නේද?
ඒක නම් ඉතින් වයසේ වැරැද්දනේ. ඒත් දැන් නම් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ ගැනවත් උනන්දු වෙන්න වෙලාවක් නෑ.

පෞද්ගලික තොරතුරු ගැනත් කියමු?
මට ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි. කලාව වගේම පෞද්ගලික ජීවිතෙත් මම සතුටින් විඳිනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවාද?
ලොකු හීන දකින කෙනෙක් ‍නෙවෙයි මම. රංගනය වගේම ගායනයත් සමබරව දිගටම කරගෙන යාම තමයි බලා‍පොරොත්තුව. ඒ වගේම දවසක ජනප්‍රියම සහ හොඳම නළුවා කියන තැනට එන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. බලමු ඉතින් අනාගතේ අපිට දැන්ම තීරණය කරන්න බෑනේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!