Gossip

බුකිය පුරා ලැව් ගින්නක් සේ පැතිරෙන බුදු දහමට නිගා දෙන ඡායාරූපවල කතාව මෙන්න – Exclusive

මුහුණුපොත පුරාම ඉතා වේගයෙන් හුවමාරු වෙන ස්වාමීන් වහන්සේ නමක් බව පවසමින් තරුණියක් සමඟ සිටින ඡායාරූප කිහිපයක් මේ දවස්වල මුහුණුපොත පුරා ඉතාමත් වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
ඒ නිසාම බුදු දහමට සහ චීවරයට නිගා කරමින් පැතිරෙන මෙම ඡායාරූප ගැන හොයලා බලන්න අපි හිතුවා.
දහම් පාසලට පැමිණි තරුණියක් සමඟ පෙමින් බැදුනු බව පවසමින් හා ඇය සමඟ මුහුණුපොතෙන් හුවමාරු කරගත් පණිවුඩ හා ඡායාරූප කිහිපයක් මෙලෙස හුවමාරු වෙමින් පවතිනවා.
මෙම ක්‍රියාව සිදුකර තිබෙන්නේ බුදු දහමට හා ස්වාමින් වහන්සේලාට නිගා කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජාතිවාදය හා වෛරය පැතිරවීම සඳහා සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගැනීම බලධාරීන් සතු වගකීමකි.
කෙසේ වෙතත් මේ පිළිබඳව දැනගැනීමට වෙබ් ගොසිප් අපි පූජ්‍ය අත්තරගම ප්‍රඥාසාර හිමියන්ව සම්බන්ධ කරගත්තා.
“අපිත් මේ ඡායාරූපවල ඇත්ත නැත්ත හොයාගෙන යනවා. ඇත්තටම රටේ බලධාරීන් යම් යම් සිද්ධිවලට මුහුණුපොතේ ගිණුම් පරීක්ෂා කරමින් ඒවා හොයාගන්න යම් යම් ක්‍රම අනුගමනය කරනවා.
ඉතිං ඇයි ආගමට නිග්‍රහ කරන මේ වගේ සිද්ධිවලට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි. අපි හොයන්න ඕනේ මේක කාගෙහරි Photoshoot එකක්ද, නැත්නම් ජංගම දුරකථනයකින් මේ දේවල් එළියට ආවද, මොකක්ද කියන එක.. කොහොම වුණත් මේ පිළිබඳව හොයලා බලලා නීතිය ක්‍රියාත්මක වියයුතුයි. “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!