Gossip

විවාහයට කළින් මම ඒ කෙනාගෙන් අයින් වෙනවා. විවාහ වෙලා ඒ තීරණය ගන්නවට වඩා කළින්ම වෙන්වෙන එක හොඳයි – Exclusive

මියුසික් විඩියෝස්වලින් රංඟනයට ඇතුල්වෙලා දැන් පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ.
අනුරාධගේ අලුත්ම විස්තර ගැනත් අද සමාජයේ තියෙන පොදු ප්‍රශ්න කිහිපයක් ගැනත් ඇය සමඟ කතාකරලා බලන්න වෙබ් ගොසිප් අපි හිතුවා.

නිරුවත පාවිච්චි කරලා හිට් කරගන්න හදන මියුසික් වීඩියෝ ගැන මොකද හිතන්නේ..?
මට ඒ ගැන කිසිම කමෙන්ට් එකක් දෙන්න බෑ.. මොකද මම ඒ විදහේ දෙයක් කරන්නේ නැ.
හැබැයි ඒවට සම්බන්ධ වෙන අයට නරකයි කියන්නත් බෑ. වැරදි කියන්නත් බෑ.. මොකද ඒකත් ආට් එකක්. මම මගේ ලිමිට් එක තියාගෙනයි වැඩ කරන්නේ.

අනුරාධට ඒ වගේ මියුසික් වීඩියෝවකට කතා කළොත්..?
මම කෙළින්ම බැහැ කියනවා.

අනුරාධා පෙම්වතියක්ද..?
නැහැ.. කවුද එහෙම කිව්වේ.

හරි පෙම්වතෙක් ලැබුණු කාලෙක ඒ සම්බන්ධය ටික කාලයක් යනකොට ගැලපෙන්නේ නෑ කියලා ඈත් වෙන්න හිතුනොත්..?
නොගැලපීම් ගලපගන්න උත්සහ කරනවා. මොකද හැමෝම නිවැරදි නෑ.. වැරදි තියෙනවා ඉතිං ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන්නයි බලන්න ඕනේ.

හරි විවාහ වුණාට පස්සේ ප්‍රශ්න ඇතිවුණොත් දෙන්නා අයින් වෙන එකද හොඳ..?
මම එහමෙ ප්‍රශ්න තියෙනවනනම් විවාහයක් දක්වා යන්නේ නෑ. එහෙම වුණොත් එයාගෙනම් මම විවාහ වෙන්න කළින්ම ඈත් වෙනවා. මොකද විවාහ වෙලා ඒ තීරණය ගන්නවට වඩා කලින්ම ගන්න එක හොඳයි.

රංගන ක්ෂේත්‍රයේ ඉන්න හුඟක් අයගේ විවාහ ජීවිතය සාර්ථක නැහැ.. ඇයි ඒ.. ?
ඒකනම් මට කියන්න දන්නේ නැ. දෙන්නා අතර තියෙන අවබෝධය තමයි වැදගත්. විශ්වාසයක් තියෙන්න ඕනේ.
හැමෝටම ප්‍රශ්න එනවා. ගෙදරක් ගත්තොත් අම්මයි දුවයි අතරත් ප්‍රශ්න තියෙනවා. ඉතිං ඒවා විසඳගෙන අපි ඉස්සරහට යන්නේ. ඒ වගේ තමයි විවාහ ජීවිතෙත්.

අනුරාධාට මේ ක්ෂේත්‍රයේ අයුතු යෝජනා එහෙම ඇවිත් නැද්ද..?
අපෝ නැහැ..

මොනවද ඉදිරි බලාපොරොත්තු…?
කලාවෙන් ඉස්සහට යන්න.. තාත්තා හදිසි අනතුරකින් නැතිවුණා. අම්මයි අයියයි මම නිසා සතුටින් ඉන්නවා. ඉතිං ඒ අයගේ ජීවිත ලස්සන කරලා හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!