Gossip

රන් කිරෙන් උස් මහත් කෙරුවේ පෙට්ටියට කර ගහන්නයි, හන්දියේ බිම මිලින වූයේ නුඹේ නොව මගෙ ප්‍රාණයයි – Photos

සමහර ඡායාරූප පිටුපස හරි සංවේදී කතාවල් සැඟවිලා තියෙනවා.
ඒ වගේම සංවේදී ඡායාරූප ගැන සමහර වෙලාවට හදවත් සසල කරණ පදවැලි ලියැවෙනවා.
ඒ විදිහට සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ සිදුවීමකින් ජීවිතය හැර ගිය අවුරුදු 19 ක තරුණයෙකුගේ ඡායාරූපයකට සංවේදී සිතුවිල්ලක් ලියවිලා තිබුණා.

එම සටහන පහතින්…

පුලුන් කොට්ටෙක වැඩම්මූයේ
පුතේ සක්විති කරන්නයි
රන් කිරෙන් උස් මහත් කෙරුවේ
පෙට්ටියට කර ගහන්නයි
හන්දියේ බිම මිලින වූයේ
නුඹෙ නොව මගෙ ප්‍රාණ යයි
පුතේ ඉක්මන කොටයි කීවේ
හිතා ජීවිතේ ගෙවන්නයි
මුසා බිම හල හල දහ අතේ දිව්
දිවිය හන්දියෙ බිම නිදී
වැදූ අම්මා කිරෙන් නහවයි
ලක් අම්මා නොසෙලී හිදී
එක කාබී එකට උන් අත්
දුන්නෙ කෝමද මහ ගුටී
මගෙ පුතේ නැගිටල වරෙන්
උඹෙ අම්මා තාමත් නෑ නිදී
සංගීතෙ රෑ උඹ ගෑව කෙදිරිය
කාටවත් ම ඇසුනේ නැතී
බුදු අම්මා කීදේ ඇසිනි නම්
ඇයි ගියෙ රෝන්දෙක නිවමින් දිවී
වැඩ උන් බුදුන් දම් ලෙස පරව
වැටුනා නම්
මට හිත හදන් ඉන්නට ඒ හොදටම ඇතී
මිතුරන් ම කී වුන් නිව්වාද
සියතින් මට අහිමි කර නුඹෙ දිවි
දැන් නම් ඉතින් ඔය ඇති ඉතින්
නැගිටපන් යං හොදටම ඇතී
ගිය නොමග නම් ඉක්මන් ගමන්
කිව්වා පුතේ කට කැඩෙනකල්
ඉක්මන කොටයි හතිලා වැටෙයි
සිතුවේම නෑ නෙවැ නිවෙනකල්
පරවී ගියේ මගෙ කිරුල නම්
කුමටද සැපක් දිවි තියෙනකල්
සුදු රන් පුතේ
නැගිටින් බිදක් හඩගා කියන්
මිතුරනි එපා නොමනා ගමන් . . .

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!