Gossip

මූහුණු හැඩ 7ක් තියෙනවා – ඔබේ මුහුණට ගැලපෙන විදියට Hair Style දාන්න දන්නවද?

අපි  එක එක්කෙනාගේ මූණු එක එක හැඩ වලට හැදිල තියෙන්නෙ. මෙහෙම වෙන් කරල හඳුනගත්තු මූණු හැඩ  වර්ග 7ක් විතර තියෙනව. ඉතින් මේ හැම මූණකටම එකම කොණ්ඩා විලාසිතාව ගැලපෙන්නෙ නෑ නේද?

මුලින්ම ඔබේ මුහුණේ හැඩය හඳුනා ගන්න. සාමාන්‍යයෙන් ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන්නේ මොන විදියේ කොණ්ඩා විලාසිතාද කියල ඔබට අදහසක් මේ ලිපියෙන් ලබාගන්න පුළුවන්.

2

1. ඕවල් හැඩය

කාන්තා

4

ඕවල් හැඩයක් තියෙන ගැහැණු මුහුණක් ඉතාම සුන්දරයි. බොහෝ වෙලාවට ඕනෑම විලාසිතාවක් මේ හැඩයට ගැලපුනත්. පැත්තෙන් හෝ මැදින් බෙදා ගත් නිකට දක්වා දිගු බොබ්කට් විලාසිතාවක් හෝ දිගු කෙස් කළඹක් ඇති අයෙක් නම් නිකට දක්වා දිගු ලේයර් එකක් සහිත ලේයර් කට් එකක් හෝ ෆෙදර් කට් එකක් ගැලපෙනවා. නළලෙහි පැත්තක් වැසෙන ලෙස විලාසිතාව කලත් කොණඩය මුහුණ වසා ගන්නා ආකාරයේ කොණ්ඩා විලාසිතාවක් නම් ඔබට ගැලපෙන්නේ නැහැ.

පිරිමි

3

ඕවල් හැඩයක් තියෙන පිරිමි මුහුණකට වඩාත්ම ගැලපෙන්නෙ දෙපැත්තෙන් කෙටි උඩින් තරමක ඝණ ලෙස හිටින්න කොණ්ඩය ඇති විලාසිතාවක්. නමුත් මතක තබා ගන්න ඕන කාරණය තමයි නළලට කොණ්ඩය නොවැටෙන ලෙස එය සකස් කර ගැනීම. පැත්තෙන් බෙදා හෝ නොබෙදා මේ අන්දමේ කොණ්ඩා විලාසිතාවක් ඔබට ගැලපෙනව.

2. රවුම් හැඩය

කාන්තා

3

ඔබට තියෙන්නෙ රවුම් මුහුණක් නම් එහි රවුම් ගතිය අඩු වෙන විදියට පෙනෙන විලාසිතාවක් තමා ඔබට ගැලපෙන්නෙ. ඔබ දිගු කෙස් කලඹක් ඇති කෙනෙක් නම් මුහුණ ආසන්නයේ ඇති ලේයර් එක නිකටට වඩා අඟල් දෙක තුනක් පහලින් කපන්න. බොබ් කට් විලාසිතාවට කපනවා නම් එයත් නිකටට වඩා අඟල් දෙක තුනක් දිගට තබා කපන්න.පැත්තට පීරන ලද කොණ්ඩය නළල සහ කම්මුලෙහි පැත්තක් වැසෙන ලෙස කොණ්ඩා විලාසිතාව (fringe) කිරීමෙන් මුහුණෙහි රවුම් බව වසා දිගු හැඩයක් ලබාගන්න පුළුවන්

පිරිමි

4

රවුම් මුහුණක් හිමි ඔබට ගැලපෙන්නෙ මුහුණට හතරැස් හැඩයක් ලබා දෙන ආකාරයේ කොණ්ඩා විලාසිතාවක්. දෙපසින් වඩාත් කෙටි නොකල මැද කොණ්ඩය ස්පයික් කල විලාසිතාවක් ඔබට ගැලපෙනව. නළලෙහි පැත්තක් වැසෙන ලෙස පැත්තට හිස කෙස් පීරීමද ඔබට ගැලපෙනව. දිගු සයිඩ් බම්ප්ස් තියන්න හෝ කොණ්ඩය මැදින් බෙදීම කිසිම විටකත් කරන්නට එපා.

3. කොටු හැඩය

කාන්තා

3

කොටු හැඩයේ මුහුණක් හිමි ඔබට ඔබේ මුහුණේ ඇති කෝණයන් කැපී යන ආකාරයේ කොණ්ඩා විලාසිතාවක් කිරීම සුදුසුයි. කොණ්ඩය මැදින් හෝ පැත්තෙන් නොබෙදා අතර මැද තැනකින් බෙදීමෙන් මුහුණට දිගු බවක් ලබා ගන්න පුළුවන්.  ලේයර් කපන්නේ නම් ඔබේ හකු අසලින් අවසන් වන ලේයර් එකක් කපන්න. එම ලේයර් එක මුහුණෙන් පිටට නොව මුහුණ දෙසට වන ලෙස සකසා ගන්න. එයින් මුහුණේ පළල් බව අඩුවෙන් පෙන්වනව. බොබ්කට් එකක් කරනවා නම් හකු වැසෙන ආකාරයට එය නිමවා ගන්න. කොටු හැඩයේ මුහුණකට වඩාත්ම ගැලපෙන්නෙ තරමක් දිගු බොබ් කට් එකක්.

පිරිමි

4

කොටු හැඩය පිරිමි මුහුණකට ගෙන එන්නෙ තරමක් දැඩි සහ තියුණු පෙනුමක් (strong & sharp). මේ හැඩයේ මුහුණක් ඇති ඔබට වඩාත්ම ගැලපෙන්නෙ පිළිවෙලකට ඇති කොණ්ඩා විලාසිතාවක්. කොණ්ඩය මැදින් බෙදීම ඔබට ගැලපෙන්නෙ නැහැ. යන්තමින් නලලට වැටෙන ලෙස පැත්තෙන් බෙදා  හිස උඩ සහ දෙපස කොණ්ඩය සමබර ලෙස ඇති කොණ්ඩා විලාසිතාවක් ඔබේ තියුණු පෙනුමට වඩාත් ගැලපෙනව.

4. හාර්ට් හැඩය

කාන්තා

3

කාන්තාවකට හාර්ට් හැඩයේ මුහුණක් තියෙනව නම් තියුණුව පෙනෙන හකු වල පෙනුම අඩු කරන විදියේ විලාසිතාවක් තමා ගැලපෙන්නෙ. නළලට වැටෙන ආකාරයේ fringe එකක් සහිත විලාසිතාවක් ඔබට ගැලපෙනව. දිගු බොබ්කට් විලාසිතාවක් තමයි මේ මුහුණු හැඩයට ගැලපෙන්නෙ. කොටු මුහුණක් ඇති අයට මෙන්ම හකු වැසෙන කොණ්ඩා විලාසිතා ඔබට හරියනව. කොණ්ඩය හරි මැදින් නොබෙදා පැත්තෙන් බෙදන්නත් මතක තබා ගන්න.

පිරිමි

4

හාර්ට් හැඩයේ එහෙමත් නැත්නම් හදවත් හැඩයේ මුහුණක් හිමි ඔබට වඩාත් ගැලපෙන්නෙ දිගු හිසකෙස් සහිත කොණ්ඩා විලාසිතාවක්. කෙටි හිසකෙස් ඔබේ මුහුණේ හැඩය ඕනෑවට වඩා ඉස්මතු කර පෙන්විය හැකියි. නමුත් ඔබ එවැනි විලාසිතාවක් ප්‍රිය කරන්නේ නැති නම් ඔබට මුහුණට කොටු හැඩයක් ලබා දෙන දෙපසින් කෙටි මැද හිසකෙස් පැතලි ආකාරයකට කපා ගත් කොණ්ඩා විලාසිතාවක් කර ගත හැකියි.

5. ඩයමන්ඩ් හැඩය

කාන්තා

3

නළලට වැටෙන කොණ්ඩා විලාසිතාවක් ඔබට ගැලපෙනව. කෙටි කොණ්ඩා විලාසිතාවක් කරනවා නම් දෙපසින් සිහින් මැදින් උඩට ඉස්සුණු විලාසිතාවක් සුදුසුයි. මුහුණෙහි පැත්තක් වැසෙන ලෙස සකසන ලද කෙටි බොබ් කට් කොණ්ඩා විලාසිතාවක් හෝ දිගු කොණ්ඩයක් හිමි අයෙක් නම් මැදින් හෝ පැත්තෙන් බෙදන ලද කොන්ඩය මුහුන දෙපසින් කඩා හැලෙන ලෙස කන් වැසී යන ආකාරයේ කොණ්ඩා විලාසිතාවක් සුදුසුයි.

පිරිමි

4

ඩයමන්ඩ් හැඩයේ මුහුණු ටිකක් විරලයි. මේ හැඩයේ මුහුණක් ඇති අයෙකුට නලලට හිසකෙස් වැටෙන අන්දමේ විලාසිතාවක් වඩාත් ගැලපෙනව. නිකට යටින් සිහින් සහ නළල පළල් ආකාරයක් දිස් වෙන මෙම හැඩයේ මුහුණකට නළලේ පළල් පෙනුම කැපී යන ආකාරයේ කොණ්ඩා විලාසිතාවක් කිරීම සුදුසුයි. දෙපසින් වඩාත් කොට කොණ්ඩා විලාසිතා ඔබට ගැලපෙන්නෙ නෑ. එයින් ඔබේ කන් වඩාත් ඉස්මතු වී පෙනේවි.

6. ත්‍රිකෝණාකාර හැඩය

කාන්තා

3

කෙටි කොණ්ඩා විලාසිතාවක් කරන්නේ නම් දෙපසින් කෙටි හිස උඩට වන්නට වඩාත් ඝණකමක් සිටින ලෙස කොණ්ඩය කපන්න. පලල් හකු වල ස්වබාවය කැපී සමබර පෙනුමක් ලබා ගැනීම මෙහි අරමුණයි. දිගු කොණ්ඩා විලාසිතාවකදී නළල තරමක් ඇරෙන මුහුණ දෙපසට කොණ්ඩය කඩා හැලෙන ආකාරයේ විලාසිතා ඔබට ගැලපෙනව. කොටු හැඩයේ මෙන්ම හකු පෙදෙස වැසෙන ලෙසත් නළල ඇරෙන ලෙසත් විලාසිතා කිරීම වඩාත් සුදුසුයි

පිරිමි

4

7. දිගටි හැඩය (Oblong)

කාන්තා

3

කෙටි කොණ්ඩා විලාසිතාවකට ප්‍රිය කරනවා නම් බෙල්ල දෙසට වන විට සිහින් වන උඩට වන්නට වඩාත් ඝණ ලෙස පෙනෙන විලාසිතාවක් ඔබට ගැලපෙනව. මුහුණ දෙපස තරමක් මහත ආකාරයට පෙනෙන වැඩි ඝණකමක් පෙනෙන ආකාරයේ විලාසිතාවක් දිගු කොණඩයක් හිමි ඔබට සුදුසුයි. මුහුණෙහි දිගු බව අඩු කර පෙන්වන විලා විලාසිතාවක් කිරීමෙන් ඔබට සුන්දර පෙනුමක් ලබාගත හැකියි.

පිරිමි

ඕවල් හැඩයේම ඊට වඩා තරමක් දිගු මූණු හැඩයක්. මේ හැඩයේ මුහුණකට කොණ්ඩා විලාසිතාවක් කිරීමේදී කෙටි දෙපසක් සහ වැඩි ඝණකමක් සහිත මැදක් කියන දේවල් වලින් වැලෙකෙන තරමට ඔබේ මුහුණේ දිගු පෙනුම අඩු කරගත හැකියි. සමබර ඝණකමක් සහිත කොණ්ඩා විලාසිතාවක් ඔබට වඩාත් සුදුසුයි.

4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!