තරු හුට පට

තනපට ගලවා විසිකරන සංදර්ශන වලට ආයෙත් ඉඩ නෑ!

22

 

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අද අම්පාරේදී උත්සවයකට සහභාගී මෙමින්  පැවසීය.

පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වු බවත්,  කාන්තාවන්ගේ තනපට   ගලවා අදාළ ගායකයාට විසිකළ බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවද ඒ මහතා එහිදී කීවේය.

එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි රාජ්‍ය නිලධාරීන්ටද ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අවධාරණය කළේය.

 

 

1 Comment

1 Comment

  1. modaya

    December 27, 2015 at 5:27 pm

    හරියට
    හරි. මිටපස්සේ ඕවට එන ගැණු ලමය්ගෙතනපට ගලවන්න
    බැරි බවට දිවුරුම් ප්‍රකාශයක් ගෙන්න කියමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!