Gossip

ඇත්ත විරාත් කෝලි හඳුනාගන්න බැරිව උණූසුම් තත්ත්වයක් (වීඩියෝ)

 cvr
ඉන්දියාවේ ඉන්ඩොර්හි පසුගියදා අවසන්වූ නවසීලන්ත – ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලිට සමාන හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු නිසා ගැටලුවක් හටගත්තා.
ප්‍රින්ස් නමින් හඳුන්වන මෙම පකිස්තානු ජාතිකයා ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරයේ සැරසරන අවස්ථාවේ බොහෝ අය මේ විරාට් කෝලි යයි සිතා සමරු සටහන් ලබාගනිමින් සෙල්ෆි ලබාගනිමින් සිටියදී එක්වරම රූපවාහිනී තිරයේ ඔහුව ඉලක්ක කර සමීප රූපයක් පෙන්වූ අතර එම අවස්ථාවේ පිටියේ ඇත්ත විරාට් කෝලිද සිටි නිසා සියලුම ප්‍රේක්ෂකයින්ට මෙම පුද්ගලයා වෙනත් අයෙකු බව අවබෝධ වුණා.

නමුත් ඉන් ටිකකට පසු ප්‍රින්ස් සියැසින් දැක ගැනීමේ ආශාවෙන් උමතුවූ ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහු සිටි තැන සොයමින් ප්‍රේක්ෂකාගාරයේ කලබල කළ නිසා තරග පරිපාලකයින් ආරක්ෂකයින්ට දන්වා ඔහුව ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට යවන්නට ක්‍රියා කළා.

විරාට් කෝලිගේ ඩුප්ලිකේට් චරිතය ලෙස අන්තර්ජාලයේද ප්‍රකටව සිටින ප්‍රින්ස් මින් පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ විකාර වැඩ කර තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!