Gossip

එක ලකුණකට රු 56,000ක් ගෙවලා – ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වයි

cvr

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ලංකාව තුල වැඩිපුරම මුදල් හුවමාරු වන ස්ථාන වලින් එකකි. ඒ රුපියල් වලින් නොව ඩොලර් ගණන් වලින්ය.

මේ වන විට එම ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි තොරතුරු වාර්තා කර සිටියි.

පෙර පැවති ක්‍රමයට අනුව නොව මේ ක්‍රමයේදී ක්‍රීඩකයින්ගේ සාමූහික හා තනි පුද්ගල දක්ෂතා මත පදනම්ව ඔවුන්ට මුදල් ගෙවීම සිදුකරනු ඇති බව කියැවේ.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ මෑත කාලීන දස්කම් දිගින් දිගටම පිරිහෙමින් පැවතීම නිසා ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමේ දිරිගැන්වීමක් ලෙසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ

”කලින් පැවැති ගිවිසුම අනුව ක්‍රීඩකයන්ගේ වැටුප ලෙස සෑහෙන මුදල් ප‍්‍රමාණයක් ගෙවනු ලැබුවා. ඒත් එහෙම වුණා කියලා ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු වුණේ නෑ. කණ්ඩායම එන්න එන්නම පරාජය වුණා”

”ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත්ත කණ්ඩායමක් එක්දින තරගාවලියේ පළමු තරග දෙක අවසන් වන විට 1-1 ක් ලෙසින් සමව සිටියත් ඊට පස්සේ තරගාවලිය 1-4 ක් ලෙසින් පරාජය වුණා….අපි ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනවා නම් ඔවුන් වැටුපට සරිලන යමක් කළ යුතුයි” යැයි ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පවසනවා.

ඕස්ට්‍රේලියාව හා පැවති ටෙස්ට් තරඟාවලිය ජයගත්තත් එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

එමෙන්ම මෑතකලිනව පැවති එක්දින තරඟ 17න් ශ්‍රීලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරඟ 4ක් පමණි.ඉන් තරඟ 2ක්ම අයර්ලන්තයට එරෙහිවයි.එමෙන්ම මේ වසරේ සහභාගී වූ විස්සයි ව්ස්ස තරඟ 16න් ජයගෙන ඇත්තේ තරඟ 3ක් පමණි

වෘත්තියත්වය යනු වැඩි දස්කම් වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීම බවත්,දස්කම් වැඩිකරගෙන ඉහළ ආදායමක් ලබාගන්නා ලෙස ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් අදහස් පළකල තවත් නිළදාරියෙකු පවසනවා.

‘‘පසුගිය කාලයේදී මාස 15 ක් ඇතුළත එක ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවලා තියෙන වැටුප ඔහු ලබාගත් අන්තර්ජාතික ලකුණු වලින් බෙදලා බැලූවාම එක ලකුණකට රුපියල් 56,000 ක් වෙලා තියෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ටෙස්ට් තරඟයක් පරාජය වන්නේ නම් නව ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් සඳහා කරන ලද ගෙවීම 33% කින් අඩුකර තිබේ. නමුත් ටෙස්ට් තරගයක් ජයගන්නා සෑම අවස්ථාවකදීම ක්‍රීඩකයන්ගේ තරග මුදල පසුගිය වසරේ ටෙස්ට් තරගයක් සඳහා ගෙවූ මුදල මෙන් 133% ක් වනු ඇත.

ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේදී තවත් ප‍්‍රසාද මුදලක් ක්‍රීඩකයන්ට එකතු වන අතර 3-0 ක තරගාවලි ජයක් ලබාගත හැකි නම් අති විශේෂ ප‍්‍රසාද දීමනාවක් ක්‍රීඩකයන්ට හිමිවේ. ඊට අමතරව ටෙස්ට් ශතකයක් හෝ ඉනිමකදී කඩුලූ 5 ක් දවාගන්නා සෑම අවස්ථාවකදීම ටෙස්ට් තරගයකට ගෙවනු ලබන වැටුප පාරිතෝෂිකයක් ලෙසින් ගෙවන බවද ගෙවනු ලබයි.

මෙම කොන්දේසි අනුව තරගයක් පරාජය නොවී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වේ නම් එම කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් ශතක දෙකක් හෝ ඉනිම දෙකකදී කඩුලූ 5 ක් බැගින් ලබාගන්නා ක්‍රීඩකයකුට ටෙස්ට් තරග 12 ක වැටුප හිමිකර ගැනීමට අවස්ථාව තිබේ.

පසුගිය වසරේ වාර්ෂික ගිවිසුම අනුව එක්දින සහ විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ගෙවන ලද වැටුප අඩුකර නැත. එහෙත් එක්දින තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා ක්‍රීඩකයකුට පාරිතෝෂිකයක් ලෙසින් ටෙස්ට් තරගයක වැටුප ගෙවනු ලැබේ. විස්සයි විස්ස තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක වැටුප මෙන් 150% ක් පාරිතෝෂිකයක් ලෙසින් හිමිවනු ඇත.

මේ මස අවසන් සතියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර ඉන් පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!