Gossip

සම්මානනීය නිළි දුලීකා මාරපනගේ කෙස් කළඹ අහිමිවීම ගැන කියපු කතාව මෙන්න

දුලීකා මොකද මේ කොණ්ඩයට වුණේ..?
ඒක තමයි මගේ අලුත් කොණ්ඩ ස්ටයිල් එක.. නැහැ නැහැ.. එහෙම දෙයක් නෙවෙයි මේක අපේ අලුත් වැඩක්.
ඒක අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියලාල්.
නිෂ්පාදනය කරන්නේ කල්‍යාණි රණවක කියන මගේ ආදරණීය සහෝදරියක්.
ඒක ටිකක් වෙනස් නිර්මාණයක්. ලංකාවේ සිනමාව තුල අපිට දකින්න නොලැබිච්ච කතාවක් තමයි ඒක. පැය 48 ක් පුරාවට සිදුවන සිදුවීම් මාලාවක් තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ.

කවුද මේකේ රඟපාන්නේ..?
කලාකරුවෝ ගොඩක් ඉන්නවා..

පරිසරය ආශ්‍රිතව නිර්මාණය වූවක්ද මේ..?
අපි ගහට කොලට ආදරේ කරපු මනුෂ්‍ය කොට්ඨාසයක්. එහෙම ගහට කොලට ආදරේ කරපු රටක හිටපු අපි අද විනාශ වෙන පරිසරය ගැන කතා කරනවා.
මේක පරිසරය මුල්කරගත්තු නිර්මාණයක්.
අපි මේක රූගත කරන්නේ ලාහුගල පොතුවිල් වැනි ප්‍රදේශවලයි. මේක කැලෑවක් කිව්වට අතිශය සුන්දර පරිසරයක් තියෙන ප්‍රදේශයක්.

නිර්මාණයට ඕනේ නිසාද කොණ්ඩය මුඩු කළේ..?
ඔව්.. මගේ චරිතයට අනුව අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වෙලා තිබුණා කොණ්ඩය මුඩු කරන්න. ඉතිං ඒ නිසා මම හිස මුඩු කළා.

හිතුවේ නැද්ද වේෂ නිරූපණය හරහා හිස මුඩුකර පෙන්නුවොත් හොඳයි කියලා..?
ඒකට හේතුවක් තියෙනවා.. අංගරචනා ශිල්පියාට ඒ ආම්පන්නත් එක්ක හිස මුඩුකරලා පෙන්නන්න පුළුවන් වුණාට මේ චරිතයේ හැටියට එහෙම කරන්න අමාරුයි..
ට්‍රේල් බයික් පදින, බීච් බයික් පදින අශ්වයන් පිටේ යන වෙනස් විදිහේ චරිතයක් තමයි මේක.
එතකොට බොරු හිසක් දාගෙන ඒ වැඩ කරන්න හිටිකක් අමාරුයි.
මෙහෙණින් වහන්සේ වගේ කෙනෙක්ගේ චරිතයක් නම් එහෙම තාවකාලික වේෂනිරූපණයක් කරන්න පුළුවන් වේවි.
ඒ නිසා මේ මගේ චරිත්යට අධ්‍යක්ෂක මගේ තට්ටය ඉල්ලුවා.. ඒ තට්ටය ඒ චරිතයට අවශ්‍යයි කිව්වා.. ඒ නිසා ඒ තට්ටය මම දුන්නා..

එතකොට ට්‍රේල් බයික් පදින්න, අශ්වයා පිටේ යන්න එහෙම පුරුදු වුණාද..?
පුරුදු වුණා කියන්නේ මෙහෙමයි. ඒ කිසිම දෙයක් මට එච්චර අමාරු වුණේ නැහැ.
අභියෝගයක් කියන්නේ තවත් එක වචනයක් විතරයි. රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කිව්වම ඔය හැමදේකම යම් හැදෑරීමක් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ.
ඒ හරහා තමයි අපිට යම් යම් චරිත කරා යන්න පුලුවන් වෙන්නේ.
ඒ නිසා ඒ කිසිම දේකට මට අභියෝග වුණේ නෑ.
ට්‍රේල් බයික් – අශ්වයෝ පදින එක මොන කජ්ජක්ද..?

ඒ වුණාට ඇග බස්සගන්න එක ටිකක් අභියෝගයක් වුණානේ..?
ඔව්.. එව්… මට ඒක ටිකක් අභියෝගයක් වුණා.. මගේ ශරීර ප්‍රමාණය අඩුකරගන්න මම ලොකු කැපකිරීමක් කළා.
ඉස්සර හිටියට වඩා දැන් බොහොම බර අඩුයි. හිතුවටත් වඩා මට අඩුකරගන්න පුළුවන් වෙලා තිබුණා.
නමුත් වෙන කෙනෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් මගෙන් ඇග කෙට්ටු කරගන්න එපා කියලා විශේෂ ඉල්ලීමක් කළා. ඒ නිසා මම මගේ ව්‍යායාම ටික කාලයකට නැවැත්වුවා.
හැබැයි ඉතිං අන්තිමේදි ඒ නිර්මාණය බොල් නිර්මාණයක් බවට පත්වුණා. ඒ නිසා මේ සුපර්ණා වෙනුවෙන් මට කැප කරන්න තිබුණු කාලය අඩුවුණා. ඒ ගැන දුකයි..

හිස මුඩු කළ ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!