Gossip

සාරංග – උමාලි අතරට තුන්වැන්නෙක් වුණා කියපු ධනුක, සිද්ධිය ගැන කට අරියි

පුංචි තිරයෙන් රසිකයින් අතර ඇවිත් අද ලොකු ආදරයක් දිනාගෙන ඉන්න කෙනෙක් තමයි ධනුක.
පසුගිය දවසක උමාලි සාරංග අතරට ධනුක තුන්වැන්නෙක් වුණා කියලා ලොකු කතාබහක් ඇතිවුණා.
ඒ ගැන ධනුක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

පසුගිය දවසක උමාලිගේත් සාරංගගේග් ජීවිත අතරට තුන්වැන්නෙක් වුණා කියලා ධනුකට බොහෝ දෙනා චෝදනා කළා. දැන් මොකද ඔයා ඒ ගැන කියන්නේ..?
මිනිස්සුම ඒ ගැන කතා කළා. මිනිස්සුම මට ඇඟිල්ල දික් කළා.
මම දන්නේ නෑ ඇයි එහෙම කළේ කියලා. දැන් ඒ ගැන කතා කරන්නෙත් නෑ.
මට තේරෙන්නේ නෑ මොකක්ද ඒ වුණේ කියලා.
ඒ දෙන්නගේ ප්‍රශ්නයකට මාව ගාවලා තිබුණා.
ඒගොල්ලොම දැන් මාව අයින් කරලා.
කට්ටියක් එකතුවෙලා කතා හැදුවා.. ඒ කට්ටියම ඒ කතාව අවසන් කළා. එච්චරයි.

පසුගිය කාලේ උමාලි ලංකාවට ආව වෙලාවේ ධනුක උමාලිට මුණගැහුණද..?
නෑ.. එහෙම හමුවුණේ නෑ. ඇයි එහෙම මම මුණගැහෙන්නේ. ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ.

සාරංග එක්ක ධනුක කතාබහ කරන්නේ නැද්ද..?
එහෙම තරහ වෙන්න අපි අතරේ මුකුත් වුණේ නැහැනේ..
කට්ටිය ඔක්කොම හිතින් හදාගෙන එහෙම කතා හැදුවට මට කරන්න දෙයක් නෑ. මාවත් එතනට අදාල කරගෙන ඒ දෙන්නත් එක්කම මගේ තරහක් නෑ. ඇයි අපි එහෙම වෙන්නේ නේද..?

මේ වෙනකොට ධනුක පෙම්වතෙක්ද..?
නෑ.. මේ වෙනකොටනම් මම පෙම්වතෙක් නෙවෙයි.. මම ආදරේ නම් කරලා තියෙනවා.
මගේ ප්‍රථම ප්‍රේමය මම ඒලෙවල් ක්ලාස් එකේදි ඇතිවුණේ. එයා අපේ ගෙවල් පැත්තෙම හිටපු ගෑණු ළමයෙක්.
අන්තිමට ගෙවල්වලින් කැමති නැතිවෙලා එයාලා ගෙවලුත් අතහැරලා ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!