Gossip

“ඔබ ඔබේ ජීවිතයට කැමති ආකාරයට ආදරය කිරීමට ඉගෙන ගන්න. නමුත් ඔබ සතුව ඇති දෙයින් පමණක් නතර නොවන්න.” – නොසිතූ මොහොතක රෝද පුටුවට වැටුණු වෛද්‍යවරිය

ඉන්දියාවෙි කර්නාටක ප්‍රාන්තයේ ඡීවත්වන වෛද්‍ය රාඡලක්ෂ්මීගේ කතාව පටන් ගත යුත්තේ 2007 දී ඇයට සිදුවූ රිය අණතුරිනි.
ඉන් ඇගේ කොදු ඇට පෙල තැන් කිහිපයකින් බිදී කුඩුවී ගිය අතර ඉනෙන් පහත අංශභාගී රෝගී තත්වයකට ඇද දැමීය.
අසාර්ථක සැත්කම් දෙකක් සහ නිමක් නැති පැය ගණන් භෞත චිකිත්සාවන් මගින් ඇයට රෝද පුටුවකින් එහා මෙහා යා හැකි තරමට වෛද්‍යවරු ඇයව ගොඩ දැමූහ.
ඇය සිටියේ සිදුවූ දේ ගැන සහමුලින්ම කඩා වැටී නොවෙි.
එහෙත් ඇගේ ආබාධිත තත්වයට මුහුණ දීම ඇයට මානසික හා ශාරීරික අභියෝගයක් විය.
කාලයත් සමඟ ශාරීරික තුවාල සුව වේ. නමුත් මානසික අනුවර්තනය ඇයට වඩාත් දුෂ්කර හා වඩා වැදගත්විය.
ඒ අනුව ඇගේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ඇය දැඩි කාලසටහනකට යටත් කලාය.
විද්‍යාල සායනයට යාම, විද්‍යාගාරවලට සහභාගී වීම, පැවරුම් සහ සිද්ධි ඉදිරිපත් කිරීම් නැවත ගෙදර යාම.
මෙහි ප්‍රතිපලයක් ලෙස රාජලක්ෂ්මි 2010 දී බෙංගාලුර් රජයේ දන්ත වෛද්‍ය විද්‍යාලයේ එම්.ඩී.එස්. උපාධිය සමගම දන්ත වෛද්‍ය විද්‍යාව සඳහා 2010 වසරේ රන් පදක්කමද දිනා ගත්තාය.
අනතුරුව ඇය සිය රෝද පුටුව මවගේ මෝටර්රථයට දමාගෙන නිදහසේ හුදකලාවම ඉංදියාව පුරා සංචාරය කලාය.
ඇයට අවශ්‍යවුයේ ඉදිරි ඡිවිතයට මුහුණ දීමට අවශ්‍ය තැන්පත් බව හා විශ්වසනීයත්වයයි.
මොකද ඇය ලස්සන තරුණ කෙල්ලක් ඇයට තිබුණ අනේක සිහින ඇය හැමතිස්සෙම හිතුවෙ රෝද පුටුවක ඉදගෙන කොහොමද මම මෙතනට යන්නෙ කියන එක.. ඇගේ දෙමවුපියන් දෙදෙනාද වෛද්‍යවරු වීම ඇයට සාර්ථක පටන්ගැන්මකට එක් හේතුවක් වෙන්නත් ඇති.
ඇය අද (2019 )කර්නාටක දන්ත වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් ලෙස උගන්වනවා පමණක් නොව, දන්ත සායනයක් වන එස්.ජේ දන්ත සායනයේ නිර්මාතෘවරියද වෙයි.
ඇය ජාන විද්‍යාව පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිවල මෙි දිනවල නියැලෙන අතර අන්තර් ජාතික සමුළු වල ආබාධිතයන් වෙනුවෙන් දේශන පවත්වයි.ඇය පාසැල්වල නොමිලේ දන්ත සෞඛ්‍ය කඳවුරු පවත්වන අතර ආබාධිතයන්ට රෝද පුටු පුහුණුව දෙනු ලබන අනර්ඝ පුහුණුකාරියකිනි.
රාඡලක්ෂ්මී සිය දන්ත වෛද්‍ය සායනය විවෘත කළ පළමු දිනයේ රෝද පුටුවෙන් කාමරයට ඇතුළු වූ විට වෛද්‍යවරයා කෝ යැයි රෝගීන් ඇගෙන් ඇසූහ.
ආබාධිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉංදීය සටනේ නායිකාව ඇයයි. ඇය ඉංදීය රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ එක දෙයකි. ‘‘ආන්ඩුවත් ඉංදීය සමාඡයත් අමතක කර දමා ඇති මෙි ආබාධිත මිනිසුන් උදෙසා රාඡ්‍ය ආදායමෙන් 3% ක් වෙන් කරන්න. “ඇගේ SJ පදනම මේ වන විට වසර හතකට වැඩි කාලයක් තිස්සේ ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ඔවුන් මේ වන විට රැකියා අවස්ථා සම්බන්ධයෙන් ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකමි වෙනුවෙන් සටන් වදිති.
ඇය යෞවනයන්ට මෙවැනි පණිවිඩයක් තබයි. “ඔබ ඔබේ ජීවිතයට කැමති ආකාරයට ආදරය කිරීමට ඉගෙන ගන්න. නමුත් ඔබ සතුව ඇති දෙයින් පමණක් නතර නොවන්න. ජීවිතය යනු පරිණාමනය වන ක්‍රියාවලියකි. විවිධ මානයන් හා මාර්ග ඔස්සේ ඔබේ හැකියාවන් ගවේෂණය කරන්න. ඡීවත්වෙනවා කියන්නනේ අන්න ඒකටයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!