Gossip

ජනපතිට විරද්ධවූ කාන්තාවක් රැකියාවෙන් දොට්ට

පසුගිය දවසක දෙදරු මවකට තමන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මෝටර් රථයෙන් ගමන් කරනකොට අදාළ කාන්තාව මැදගිල්ල උස්සා පෙන්වූ බව කියන වරදකටයි.

අමෙරිකානු ජනාධිපතිවරයා රාජකාරී කටයුත්තක් වෙනුවෙන් වර්ජිනියා ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරනකොට පාපැදියකින් ගමන් කරපු මේ කාන්තාව ට්‍රම්ප්ට එරෙහිව ඇඟිල්ල ඔසවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙන්නේ.

කොහොමවුනත් මේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් එක්කම අදාළ කාන්තාවට ඇගේ සේවා ස්ථානයෙන් දොස් පවරා තිබෙනවා.

එසේ කිරීම නිසා තමන්ගේ ආයතනයට ලොකු කැළලක් වුනා කියලා රැකියාවෙන් ඉවත් කරනවා කියලා මෙම කාන්තාවට දන්වා තිබෙනවා.

කොහොමවුනත් මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ එක පාරක්නම් නෙවෙයි. කීපවතාවක් විවිධ කාන්තාවන් මේ ක්‍රියාව කරලා තියෙනවා. මීට කලින් 2016 දීත් කැරොලිනා ප්‍රාන්තයේ රැළියක් අමතන අතරතුරදී ට්‍රම්ප්ට එරෙහිව කාන්තාවක් මැදඟිල්ල උස්සලා විරෝධය පළ කලා.

මේ තියෙන්නේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!