Gossip

තෙල් පෝලිමේදී, හුරතල් නැතිවෙලා කලා ලොවේ නමගිය තරු චාටර් වුණු හැටි මෙන්න

හිමාලි සිරිවර්ධන
දැන්නම් මම ගෙයින් එළියට යන්නේ අත්‍යවශ්‍යම දේකට විතරයි. මේ පෝලිමේ කොහොම ඉන්නද…? වාහනෙත් full tank තෙල් නෑ. තියන තෙල් ටිකෙන් අඅත්‍යවශ්‍යම ගමන් ගිහින් තෙල් ඉවර වුණාට පස්සේ වාහනේ ගෙදර දාලා තෙල් එනකම් බලන් ඉන්න තමයි වෙන්නේ. දෙයියනේ කියලා තියෙන තෙල් ටික ඉවර වෙන්න කලින් තෙල් ගෙනාවොත්නම් හරි. නැත්නම් ඉතින් වැඩවලට යන්න වෙන්නේ වෙන වාහනයක් ගෙන්නගෙන තමයි.

නිමන්ති පෝරගේ
අම්මෝ… මේ තෙල් ප්‍රශ්නෙ නිසා අපිටත් පෝලිමේ ඉන්න වුණා… අපේ ගේ ළඟම තමයි ෂෙඩ් එක තියෙන්නේ. ඉතින්.. අපි දන්නේ නැහැනේ මෙහෙම තෙල් ප්‍රශ්නයක් ඒවි කියලා. ඉතින් අපිත් අපේ වැඩ ටික කරගත්තා. ඔන්න ඉතින් තෙල් ප්‍රශ්නෙ ආවට පස්සේ තමයි අපේ දෙලොව රත් වුණේ. ඒ දවස් ටිකේම අපි බබාලව ඉස්කෝලෙ ගෙනිච්චෙ, ගෙනාවෙ ත්‍රීවිල්වල. බබාලව උදේ 6.30ට ඉස්කෝලෙ ගෙනියද්දි පෝලිමේ තිබුණ වාහන ඒ විදිහටම දවල් එකොළහමාරටත් පෝලිමේ තිබුණා. ඉතින්… අපේ වාහනයත් අපි තෙල් පෝලිමට අරගෙන ගිහින් අන්තිම වාහනය ළඟින් ගහලා තෙල් ටික ගහගනිද්දි විනාඩි හතළිස් පහක් විතර ගියා. අම්මෝ… තෙල් ගහන්න ගිහින්නම් එපා වුණා.

චිලී තිලංක
හොඳ වෙලාවට වාහනේ full tank තෙල් තිබුණා. හැබැයි දැන්නම් ගමන් බිමන් ගිහින් බාගෙටත් වඩා නෑ. මේ දවස්වල ගමන් බිමන් යන්නෙත් පුදුම පරිස්සමෙන්. පාරේ තෙල්වලට තියෙන පෝලිම් දැක්කම අම්මෝ… වාහනේ ගෙදර දාලා පයින් යන්න හිතෙනවා.. කොහොමත් මටනම් අමාරැයි ඔච්චර වෙලාවක් පෝලිම්වල ඉන්න. මගේ වාහනේ තෙල් ටික ඉවර වුණොත් මම වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක හරි යනවා. මේ දවස්වල ළඟට යන වැඩවලට සමහර වෙලාවට මම යන්නේ ත්‍රීවිල්වලයි.

සාරංග දිසාසේකර
ඔය පෙට්‍රල් ප්‍රශ්නෙ ආපු දවසට කලින් දවසේ මායි අම්මයි හොරණ පැත්තේ පන්සලක තිබුණ උත්සවයකට සහභාගී වුණා. ඒ ගිහින් එද්දි තිබුණ ෂෙඩ් එහෙකින් මම හොඳ වෙලාවට full tank තෙල් ගහගත්තා. තාමත් වාහනේ දුවන්නේ ඒ තෙල්වලින් තමයි. මේ දවස්වල ගෙදරින් එළියට බහින්නේ අත්‍යවශ්‍ය ගමනකට විතරමයි. එදා හොරණ ගියේ පිං අතේ වැඩකට නිසාදෝ තාමත් ඒ පින පල දෙනවා. හැබැයි ඉතින් තව දවස් කීයක් ඒ පින පල දේවිද කියලනම් කියන්න දන්නෑ. වාහනේ තියෙන තෙල් ටික ඉවරවුණාට පස්සේ මටත් සිද්ධ වෙන්නෙ ඔය පෝලිමට එකතු වෙන්න තමයි.

පේෂල මනෝජ්
මාත් ඒ අත්දැකීමනම් ලැබුවා. හැබැයි මට පෝලිමේ ඉන්න ලැබුණේ විනාඩි දහයක් වගේ වෙලාවක් තමයි. ෂෙඩ් හතර පහකට ගියත් තෙල් තිබුණේ නෑ. අන්තිමට දෙමටගොඩ ෂෙඩ් එකේ විතරමයි තිබුණේ. ෂෙඩ් එක ළඟ ඉඳලා බන්ධනාගාරය ළඟට වෙනකන් පෝලිම තිබුණා. මම පෝලිමේ අන්තිමට වාහනේ නවත්තලා ඉස්සරහට ගිහින් බලද්දි පෝලිමේ හිටපු හැමෝම මාව අඳුරගත්තා. මහත්තයා මොකද පෝලිමේ… එන්න වාහනේ ඉස්සරහට…පේෂල අයියා.. පිස්සු වැඩ කරන්න එපා. පෝලිමේ ඉන්නේ මොකටද.. වගේ එක එක කතා කියලා පෝලිමේ හිටපු අයියලා මල්ලිලා මට ඉස්සරහට ගිහින් තෙල් ටික ගහගන්න කිව්වා. ඇත්තටම ඒ හැමෝගෙම මූණු හරිම හෙම්බත් වෙලා. ඒ නිසා පෝලිමේ ඉස්සරහට යන්න අකමැති වුණා. කොහොමහරි පෝලිමේ හිටපු හැමෝම කිව්වෙ කමක් නෑ ඉස්සරහට ගිහින් තෙල් ටික ගහගන්න කියලා. එතන හිටපු පොලිස් නිලධාරියෙකුත් මට ඉස්සරහට එන්න කිව්වා. ෂෙඩ් එකේ උදවියත් කිව්වා. ඉතින්… හැමෝගෙම උදව්වෙන් විනාඩි දහයක් ඇතුළත දිගු පෝලිමක් තියෙද්දිත් මේ රටේ මිනිස්සුන්ට පින් සිද්ධවෙන්න මම full tank තෙල් ගහගත්තා.

ගයාන් වික්‍රමතිලක
අම්මෝ මට ඔය පෝලිමේ පළවෙනි දවසේ ඉඳන්ම අත්දැකීම් තියෙනවා. පළවෙනි දවසේ පැය භාගයක් පෝලිමේ ඉඳලා ලොකු කට්ටක් කෑවා. එදා මට ඉස්සරහ හිටපු මනුස්සයෙක් මාව දැකලා හොඳට හිනා වුණා. මම නිකමට සැලියුට් එකක් ගැහුවා. ඒක දැකපු මට පිටිපස්සේ හිටපු ත්‍රීවිලර් අයියා කෙනෙක්.. මල්ලී.. සැලියුට් දැම්මට කමක් නෑ… හැබැයි පෝලිම් පනින්න බෑ.. ආපු විදියට පෝලිමේ යමු…. කිව්වා. ඇත්තටම මම එහෙම පෝලිමේ ඉස්සරහට යන්න නෙමෙයි එහෙම කළේ. ඉතින් පැය භාගයක් විතර පෝලිමේ හිටියා. දෙවැනි දවසේනම් වාහනෙන් පෝලිමට එකතු වෙලා වාහනයටම වෙලා හිටියා. එහෙම ඉඳලා හරි කමක් නෑ තෙල් ටික ගහගන්න නැත්නම් වාහනේ තල්ලු කරගෙන හරි ගෙදර යනවා කියලා හිතාගෙන වාහනේටම වෙලා ඉඳලා විනාඩි හතළිස් පහකට විතර පස්සේ තෙල් ටික ගහගත්තා.

දමිතා අබේරත්න
දමිතාටත් හරි අපූරැ අත්දැකීමක් තමයි මේ පෙට්‍රල් නැතිවුණ දවස්වල වෙලා තියෙන්නෙ. දමිතාගේ වාහනේ පෙට්‍රල් නෙවෙයි. ඩීසල්… හැබැයි ඉතින්… ඒ අත්දැකීම වින්දේ අර පෙට්‍රල් පෝලිමේ හිටපු අය වගේම තමයි. මගේ වාහනේ ඩීසල් වාහනයක්. ඒත් මට ඩීසල් වාහනේට ෂෙඩ් එකකින් ගිහින් තෙල් ගහගන්න පැය භාගයක් විතර ඉන්න වුණා. පෝලිමේ දිග කමට මගේ වාහනේ ඇතුළට දාගන්න බෑ… අනේ දමිතා. අපි දමිතව අඳුරනවා.. ඒත්.. සමාවෙන්න.. තෙල් ටික ගහගන්න පෝලිමේ එන්න.. මගේ වාහනේ ඇතුළට දාන්න හදද්දි ඔන්න කට්ටියම වටකරගෙන කිව්වා.. මගේ වාහනේ ඩීසල්.. එහෙම කිව්වට ඒ අය බයයි. මගේ වාහනේට ඇතුළට ගන්න ඉඩ දෙන ටිකට තව වාහනයක් පෝලිම් පනීවි කියලා. කොහොමත් කොහොමහරි මගේ වාහනේට ඩීසල් ටික ගහගන්න මම පැය භාගයක් විතර පෝලිමෙන් පිට ඉන්න වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!