Gossip

රෝගීන් වෙනුවෙන් වැසිකිලි සෝදන ලංකාවේ වෛද්‍යවරයා

තම මෝටර් රථයේ ගැටුන ගවයෙකුගේ ජීවිතය බේරා ගැනීම සදහා මහත් පරිශ්‍රමයක් දැරූ වෛද්‍යවරයෙකු පිළිබද ඉකුත් දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි කතාබහක් ඇති වුනා.

අපි මේ කියන්න යන්නෙත් එවැනිම වෛද්‍යවරයෙකු පිළිබඳවයි. ඔහු නමින් වෛද්‍ය ඒ. ටී සුධර්ශන.

අහිංසක රෝගීන් ප්‍රතිකාර ලබන ග්‍රාමීය රජයේ රෝහල් ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ..ඇතැම් රෝහල්වල පිරිසිදුකම ඉතාම අඩු මට්ටමකයි තියෙන්නේ.

ඒත් මේ අපි කියන වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා තමන් යටතේ පවතින රෝහල්වල රෝගීන් පරිහරණය කරන වැසිකිලිපවා පවිත්‍ර කරනවා. ඒ හුදෙක්ම රෝගීන්ගේ සනීපාරක්ෂාව ගැන සිතායි.

මේ උතුම් වෛද්‍යතුමාගේ ගම බලංගොඩ. අධ්‍යාපනය ලබලා තියෙන්නේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යලයේ.

දැනට මෙතුමන් සෞඛ්‍ය අමත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්වරයෙකු ලෙසද කටයුතු කරනවා.

17361381_1700426506651161_1209381057_n 17361469_1700426503317828_1496658290_n 17391962_1700426653317813_1423287008_n

1 Comment

1 Comment

  1. Tilak

    March 19, 2017 at 2:15 pm

    Meka hora Padeniyalata yawanna. Anith salli perethayanta methuma hoda adarshayak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!