බොලිවුඩ්

දීපිකා පදුකෝන් ලෝකයටම දුන් තීරණය මෙන්න (වීඩියෝ)

බොහෝවිට කාන්තාවන් හට නිසිතැන, සමතැන ලබාදෙන ලෙස ඉල්ලමින් කාන්තා විමුක්තිය වෙනුවෙන් සමාජය තුළ කතාබහක් තිබුණද එය වදනයට පමණක් සීමා ඇති බව සමාජයෙන්ම වාර්තාවන සිදුවීම් ගැන බලද්දි තේරෙනවා.
කොහොම වුණත් මේ දේවල් සම්බන්ධයෙන්  ඉන්දියාවේ සුපිරි නිළියක වන දීපිකා පදුකොන් විශේෂ පණිවිඩයක් දෙන නිර්මාණයක්  කරලා තියෙනවා.

මේ නිර්මාණයට තවත් කාන්තාවන් 98 දෙනෙකු සහභාගී වෙලා තියෙනවා.

මේ වීඩියෝ නිර්මාණය නම් කරලා තියෙන්නේ “මගේ තීරණය“ කියලා.

ජීවිතය, රැකියාව, ඇඳුම් යනාදි කරුණු වලදී කාන්තාවන් විසින් ගනු ලබන තීරණ වලට ඔවුන් ව විවේචනය නොකරන ලෙසත්, කාන්තාවන් පිළිබඳව ගොඩනැගී ඇති පිරිමින්ගේ පටු   මනස වෙනස් කරන ලෙසත් එම වීඩියෝවෙන් ඉල්ලා ඇත.

” මා කැමති ආකරයකට ජීවත් වීම, මා කැමති ඇඳුම් ඇඳීම මගේ තීරණයයි.මගේ සිරුර පැවතිය යුතු ආකාරය ,මා විවාහ විය යුතු කාලය, මා විවාහ වනවාද නැද්ද යන්න මගේ තීරණයයි”. වීඩියෝ පටය පුරාවටම මෙවැනි අදහස් ප්‍රකාශ වන අතර ඒ සඳහා පෙනී සිටින සියළු කාන්තාවන් කළු වර්ණයෙන් සැරසී සිටියි.

විනාඩි 2 කුත් තත්පර 34ක් පුරාවට දිවෙන වෝග් ආයතනය ආරම්භ කරන ලද කාන්තාවන් බලාත්මක කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව කොක්ටේල් සහ ෆයින්ඩින්ග් ෆැනී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හොමී අද්ජානියා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එය නිෂ්පාදනය කර ඇත්තේ දිනේෂ් විජාන් විසිනි.

මෙම ප්‍රබල පණිවිඩය ගෙන එන වීඩියෝව පහත දැක්වෙයි.

12

3 Comments

3 Comments

  1. sri lanka

    March 31, 2015 at 9:03 am

    Good Job !

  2. M.I.S.Deen

    March 31, 2015 at 1:00 pm

    I accept it. There is no argument. But the same principle should apply to married men too. Asian women think gents are slaves after getting married.

    • Dananjaya

      April 2, 2015 at 6:55 am

      Great idea

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!