Gossip

දිනේෂ්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න නියෝග-මන්ත්‍රීවරයා ගෙනියන්න පොලීසිය පැමිණි අයුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  ඉවත් වන ලෙස මීට සුළු මොහොතකට කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.

ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ  .

කෙසේ වෙතත් මේ තීරණය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට ඇතැමුන් යෝජනා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක්ද පවත්වා තිබෙනවා.

එහිදී වැඩි ඡන්දය හිමි වී ඇත්තේ දිනේෂ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවතට යැවිය යුතුය යන්නයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!