Gossip

“අපි එක පාරටම සෙමි ෆයිනල් ගැන හිතන්නේ නෑ. දවසක් හොඳින් සතුටෙන් විනෝදයෙන් ගත කරලා තමයි  ඊළඟ තරගයට ලෑස්ති වෙන්නේ” – දිමුත් කරුණාරත්න

එංගලන්තය පරාජය කළද අවසන් පූර්ව තරගයට යෑමට තවත් තරග ජය ගත යුතු බැවින් තරගයෙන් තරගයට සැලසුම් කරමින් ඉදිරියට යෑම තම කණ්ඩායමේ සැලැස්ම බව ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.
ඒ වෙනුවෙන් කණ්ඩායම දින දෙකක පමණ විවේකයෙන් සිටිමින් සැලැස්ම සකස් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අපි එක පාරටම ‘සෙමි ෆයිනල්’ ගැන හිතන්නෙ නැහැ. මොකද තව තරග තුනක් තියෙනවා දකුණු අප‍්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව සමග.
දැන් අපි හිතන්නෙ ඊළඟට තියෙන දකුණු අප‍්‍රිකාව සමග තරගය විතරයි. කොහොමත් තරගයෙන් තරගය සැලසුම් කරමින් ඉදිරියට යනවා මිසක් එක පාරට ‘සෙමි ෆයිනල්’ ගැන ඔළුවෙ තියාගෙන යන්නෙ නැහැ.
මම හිතන්නෙ එංගලන්ත තරගයෙන් පස්සෙ අපි කණ්ඩායමක් විදිහට දවසක් හොඳින් සතුටෙන් විනෝදයෙන් ගත කරලා තමයි දකුණු අප‍්‍රිකාව සමග තරගයට ලෑස්ති වෙන්නෙ.
අපිට සැලසුම් තියෙනවා.ඒවා දකුණු අප‍්‍රිකාව සමග තරගයේදී ක‍්‍රියාත්මක කරනවා. ලොකු දේවල් හිතන්නෙ නැතිව තරගයෙන් තරගය යන එක තමයි මේ වෙලාවෙ අපි කරන්න ඕන.
එංගලන්තය වැනි ප‍්‍රබල කණ්ඩායමකට එරෙහිව ලකුණු 232 ක් ආරක්ෂා කර ගැනීමට තම කණ්ඩායම දියත් කළ සැලැස්ම සම්බන්ධයෙන් දිමුත් මෙසේ පවසා තිබුණා.
‘‘ඇන්ජලෝ බැට් කරන විට අපිට නිතරම පණිවුඩ එව්වා මේ කඩුල්ලේ බැට් කරන එක ලේසි නැහැ’ පහරවල් වලට යන්න ලේසි නැහැ. වේග පන්දු යවන්නන් පන්දු යවන විට ඉදලා තමයි පන්දුව එන්නෙ කියලා’ මොකද එයා හොඳ පරිණත ක‍්‍රීඩකයෙක් නිසා තණතීරුව ගැන හොඳ අවබෝධයකින් තමයි පහර දුන්නෙ.
අපි හැම තිස්සෙම තරගයේ එල්ලිලා හිටියා. මොකද ඒ අයට ලොකු පහරවල් ගහන්න දුන්නෙම නැහැ. අපි දැනගෙන හිටියා කඩුලූ දෙක තුනක් ඉක්මනින් ගත්තොත් අපිට තරගය දිනන්න පුළුවන් කියලා.
මාලිංග ඉතාමත් හොඳින් තරගය දිනවා දුන්නා. ඒ වගේම ධනංජය අවශ්‍ය වෙලාවෙදි කඩුලූ ලබා දුන්නා. ඔවුන් දෙන්නා තමයි තරගය වෙනස් කළේ. අපිට හැම තිස්සෙම තරගය දිනන්න පුළුවන් කියන දේ ඔළුවෙ තිබ්බා.
ඇත්තටම මේ තණතීරුව අපි බැලූවහම ලකුණු 300 ක් ගන්න පුළුවන් හොඳ තණතීරුවක්.
නමුත් පන්දුවාර පහක් විතර යනකොට පන්දුව සෙමින් එන ගතියක් තිබ්බා. අපි හිතුවා ලකුණු 240-260 ක් ගැහුව්වනම් මේ තණතීරුවේ හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා.
ඒ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් විශාල සටනක් කළා. ඔහු තරගයක් දිය හැකි මට්ටමට තරගය ඇදගෙන ගියා’’’
අවිශ්ක කියන්නෙ ඉතාමත් හොඳ තරුණ පිතිකරුවෙක්.
ඔහුට දැන් ඉගෙන ගන්න තියෙන්නෙ ලොකු ඉනිමක් ක‍්‍රීඩා කරන එක ගැන විතරයි.
අපි එයත් එක්ක කතා කරලා එයාගෙ උපරිමය ලබා ගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!