Gossip

“අපි කැමැති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පූර්ව වටයට යන්නයි. මාලිංග අයියා මීළඟ තරගයට අනිවාර්යෙන් එනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.
ඒ සඳහා අවම වශයෙන් තරග දෙකක් හෝ ජයගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව නිසා අතහැර දැමුණා.

දිමුත් කරුණාරත්න මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා තිබුණා.

‘‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානය සමග තරගය ජයග‍්‍රහණය කරලා දවස් 11 කට පස්සෙ තමයි ඔස්ට්‍රේලියාව සමග තරගයට සහභාගි වෙන්න වෙන්නෙ.
අපි කැමැති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පුර්ව වටයට යන්නයි.
ඇත්තටම ලෝක කුසලාන වගේ දීර්ඝ කාලයක් පැවැත්වෙන තරගාවලියකදී අතිරේක දිනයක් යොදා ගන්න එක පහසු නැහැ.
එක් තැනක ඉදලා තවත් තැනක ගමන් කිරීමත් පහසු නැහැ. කොහොම වුණත් අතිරේක දිනයක් තිබ්බනම් හොඳයි.
නමුත් මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග නවයක් ක‍්‍රීඩා කරනවා ඒ නිසා අතිරේක දිනයක් යොදා ගැනීම පහසු නෙමෙයි.
නුවන් ප‍්‍රදීප්ගේ තත්ත්වය ගැන තවම කියන්න බැහැ. ඔහුගේ ආබාධයෙන් පසුව පන්දු රකින්න පුළුවන්ද පන්දු යවන්න පුළුවන් කියන එක බලන්න ඕන.
ඒ නිසා ඔහු වෙනුවට වෙනත් ක‍්‍රීඩකයකු ඔස්ට්‍රේලියානු තරගයට යොදා ගන්න වේවි.
ලසිත් මාලිංග ලංකාවට ගිහින් ඔස්ට්‍රේලියානු තරගයට එන බව කිව්වා. බැරි වෙලාවත් ඔහුට එන්න බැරි වුණොත් ඊළඟ තරගයට මාලිංග අයියා අනිවාර්යෙන් එනවා.
නමුත් ඔහු අපිට පොරොන්දු වුණා ඔස්ට්‍රේලියාව සමග තරගයට එනවා කියලා.’’
අපි බලන්නෙ හැම තරගයක්ම දිනන්න. ප‍්‍රසාද ලකුණු සටහනේ උඩ ඉන්න කණ්ඩායම් සමග තමයි අපිට ඊළඟට තරග කරන්න තියෙන්නෙ.
කොහොම වුණත් හැම තරගයක්ම අභියෝගයක්. බලාපොරොත්තු වෙනවා උපරිමය යොදලා අවසන් පූර්ව තරගයට එන්න.’’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!