Gossip

“හැම ගැහැණියෙක්ම විවාහ වෙන්නම ඕන කියලා දෙයක් මම දකින්නේ නැහැ..මම නැවත විවාහයක් ගැනනම් කොහෙත්ම හිතන් නෑ.”

උදාරි කෞෂල්‍යා කියන්නේ ලංකාවේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ චරිතයක්. නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඇය පසුව මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා.
ඊට පසුවයි ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ.
මේ හැම දේකින්ම උදාරි වැඩි කැමැත්තක් දක්වන්නේ රංගනයට කියලා තමයි ඇය කියන්නේ.
ඇය එක චරිතයකට සීමා වෙන්න කැමති නෑලු.
විවිධ චරිත රගපාන්න කැමතිලු. තෝරලා බේරලා ගැළපෙන චරිතවලට ඇය රංගනයෙන් දායක වෙනවා කියලා තමයි උදාරි කියන්නේ.
ආදරය හා විවාහය ගැන ඇය මෙලෙස මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.
“ආදරය කරලා විවාහා වෙන්න ඔන කියලා දෙයක් නැහැ. නමුත් ආදරය කියලා මම දකින්නේ පරිත්‍යාගය සහ කැපකිරීමයි.
විවාහට ගැන ලොකු නිර්වචනයක් දෙන්න දන්නේ නැහැ. නමුත් විවාහය කියන්නේ ආත්මගත බැදීමක් සහ සංසාරික පුරුද්දක්. හැම ගැහැණියෙක්ම විවාහ වෙන්න ඕන කියලා මම දකින්නේ නැහැ. මම නැවත විවාහයක් ගැන කොහෙත්ම හිතන්නේ නෑ”. ඇය කියන්නේ ඇය පරිත්‍යාගයයි කැපකිරීමෙනුයි ලොකු තෘප්තියක් ලබනවා කියලා.
දික්කසාදය ගැන ඇය කියන්නේ හැම කෙනෙක්ම අංගසම්පූර්ණ නැහැ කියලා.ගලපගන ජීවත් වෙන්න ඕන.ගොඩක් දෙනෙක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය සහ ගළපාගැනීමට නොහැකිවීම මත ගොඩක් දුරට දික්කසාද වීම සිදුවෙනවා කියලා තමා ඇය කියන්නේ.
ඇය කියනවා ඇය ආයේ විවාහයකට යන්නේ නැහැ කියලා. ඇයට මුළු ජීවිතකාලෙම තනියම තමයි ඉන්න වෙන්නේ. ඒත් ඇය කියන්නේ අපි තනියම මේ ලෝකෙය ආවනම් තනියම මැරෙන එක ප්‍රශ්ණයක් නෙවෙයි කියලා. මොකද ගැහැණියක් කියන්නේ හිතින් ගොඩක් ශක්තිමත් කෙනෙක්.
උපේක්ෂාවෙන් හැමදෙයක් ගැනම බලනවා. ඒ නිසා නැවත විවාහයක් කරගන්නැතුව තනිවම ඉන්න පුළුවන් කියලා තමා ඇය කියන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!