Gossip

“ඇමති හලීම්ගේ සහෝදරයෙකුත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන – නැගෙනහිර මැතිවරණයට තරඟ කරන්න හිස්බුල්ලා සහ සහරාන් ගිවිසුමක් ගැහුවා” – අසාද් සාලි සාක්ෂි දෙයි

තව්හිද් ජමාත් සංවිධානය හා කාත්තාන්කුඩි පොලීසිය එකට එක්ව වැඩ කළ බව අසාද් සාලි මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනුයි.

2017 වසරේ දී කාත්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120 ක් ගිනි තැබු බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැවසු අසාද් සාලි මහතා, මිනිසුන් පාරේ බැහැලා උද්ඝෝෂණ කලත් ක්‍රියාමාර්ගයක් නොගත් බව ද කියා සිටියා.

එම අවස්ථාවේ සිටි ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යැවු බවත් පැවසු අසාද් සාලි මහතා, තව්හිද් ජමාත් සංවිධානය හා එක්ව සිටි බවත් එනිසා පාරම්පරික මුස්ලිම් ජනතාවට කිසිදු පැමිණිල්ලක් දැමීමට අවස්ථාව හිමි නොවුන බවත් එවන් අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී විශේෂ කාරක සභාවේ සිටි සමාජිකයින් කියා සිටියේ මෙම චෝදනාව ඉදිරිපත් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී අසාද් සාලි මහතා කියා සිටියේ, තමාට සාක්ෂි දෙන්න එන්න කියු බැවින් පැමිණි බවත්, සාක්ෂි රැගෙන ඒමට තරම් ප්‍රමාණවත් කාලයක් තමාට නොතිබුණ බවත්ය.

කෙසේ වෙතත් තමන් බෝම්බ ප්‍රහාරයන්ට සතියකට පෙර දීද සහරාන් නැමැත්තා ගැන පැවසු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බවටද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම නැගෙනහිර මැතිවරණය සඳහා තරඟ කිරීමට හිස්බුල්ලා සහ සහරාන් හෂීම් ගිවිසුමක් අත්සන් කළ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. නැගෙනහිර මැතිවරණය සමග සහරාන් බිහිවුන බවත්, එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු බව සහරාන් පැවසූ බවත් අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!