Gossip

“මම අතහැරියේ කුසලානය නෙමෙයි චෙක් එක” – අර්ජුන රණතුංග

1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය සැපයූයේ අර්ජුන රණතුංගයි.

තුන්වන ලෝකයේ ක්‍රිකට් කණ්ඩායමක්, ක්‍රිකට් ලොවේ උසස්ම ජයග්‍රහණය වෙත ඔසවා තැබූ මේ නායකයා ගැන ශ්‍රී ලාංකික අපට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

එමෙන්ම පීඩනකාරී අවස්ථා තුළ දී නුවණ මෙහෙයවිය හැකි ඔහුගේ ගුණය නිසා “කැප්ටන් කූල්” යන නාමයද ඔහුට හිමි විය.

ඉතින් අපි මේ කියන්න යන්නේ 1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව අර්ජුන රණතුංග මුහුණ පෑ සිදුවීමක් පිළිබද ඔහු  ෆේස්බුක් ගිණුමේ යොදා තිබූ සටහනක් ගැනයි.

මේ එම සටහනයි.

මම අතහැරියේ කුසලානය නෙමෙයි චෙක් එක – අර්ජුන රණතුංග

”1996දී මට මතක විදියට තරග මුදල් ලෙස අපිට ලැබුණේ ඩොලර් 30 000ක් විතර. ඩොලර් එකක් රුපියල් 70 ක් 80 වගේ ඇති ඒකාලේ. අපි 14 දෙනා අතරෙම ඒක බෙදාගත්තා. ලොකු අදහසක් තිබුණේ නැහැ සල්ලි ගැන. ලොකුම වටිනාකම තිබුණේ ජයග්‍රහණය කිරීම. හොදම උදාහරණයක් මම කියන්නම්. 96 තරගාවලියේ ජය සංකේත ප‍්‍ර‍දානය කරන අවස්ථාවේදී මගේ අතට කුසලානයක් දුන්නා, චෙක් එකකුත් දුන්නා. පස්සේ මම මිනිසුන්ගේ ඇගේ හැප්පිලා බිමට වැටුණා. ඒ වෙලාවේ මම අත ඇරියේ කුසලානය නෙමෙයි චෙක් එක….”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!