Gossip

මරාගෙන මැරෙන බෝම්බ නිපදවූ බවට පැවසුණු තඹ කර්මාන්ත ශාලාවට පොලිසියෙන් දාපු ඉබි යතුරු කඩා දැම්මේ කවුද?

ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොදා තිබූ ඉබි යතුරු කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වනවා.

අදාළ කර්මාන්ත ශාලාව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් බවට ප්‍රකාශ කෙරුණා.

අදාළ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන මේ දක්වා විමර්ශන කටයුතු සිදුකරන අතර එහි ප්‍රධාන ‍දොරටුව ඉබි යතුරු දමා වසා දැමීමට පියවර ගෙන තිබූණා.

තඹ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ඉකුත් 9 වැනිදා ලද පණිවුඩයක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට ප්‍රධාන ගේට්ටුවට යොදා තිබූ ඉබි යතුරු කඩා බිම දමා තිබෙන අයුරු දක්නට ලැබී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නුගේගොඩ දිස්ත්‍රික් දෙක භාර සහකාර පොලිස් අධිකාරි විදුර ජයසිංහ මහතාද එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!