Gossip

හිත්පිත් නැති මිනිසෙකුගේ පව්කාර වැඩක් – Photos

නිවසේ ඇති දැඩි කළ රෝසම්මා සහ පින්කි නමැති ජර්මන් ෂෙපර්ඩ් හා පැපිලියන් වර්ගයේ සුරතල් සුනඛයන් දෙදෙනාට අසල්වැසියෙකු වස දී මරා දමා ඇතැයි පැමිණිල්ලක්‌ ලද බවත්, ඊට අදාළ බව පවසන අසල්වැසියා ගෙන්වා ප්‍රකාශයක්‌ ලබා ගත් බවත් පන්නල පොලිසිය පවසනවා.
නාත්තන්ඩිය-ගල්ඇහැමුල්ල, වැලිපැන්න ගහමුල්ල පදිංචි ඒ. කේ. දිල්රුක්‌ෂි මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පන්නල පොලිසිය එම නිවසට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කර තිබිණි. අසල්වැසියා ප්‍රකාශ කර ඇත්තේ ඊට තමන්ගේ සම්බන්ධයක්‌ නොමැති බවය.
සුනඛයින් දෙදෙනා තාප්පයෙන් වට කළ අදාළ නිවසේ ගේට්‌ටුව අසල සිට පාරේ යන එන්නන්ට බුරන බවද ඊට උරණ වූ සැකකරු තමන්ට බැණ වැදී ඇති බවත් පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබිණි.
පැමිණිලිකාරිය සහ ඇයගේ සැමියා පන්නල පොලිසිය තුළදී සැකකරු ගෙන්වා සිදුකළ විමර්ශනයේදී පොලිසියට පවසා සිටියේ කම්කරුවෙකු වූ සැකකරු ප්‍රදේශයේ හොර සුරා ව්‍යාපාරිකයෙකු සමඟ වැඩ කරන බවත් දුටු සාක්‌ෂි නැතත් ඒ පිළිබඳව සාධාරණ සැකයක්‌ තමන් තුළ ඇති බවත්ය.
තවද, සුනඛයන් දෙදෙනා දරුවන් මෙන් සුරක්‌ෂිතව හැදී වැඩුණු බවත් සතුන් මිය යැම දැඩි කම්පනයට හා කනගාටුවට හේතු වී ඇති බවත් ඔවුහු පැවසූහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!