Gossip

“ඉඳහිට මුහුණුපොතෙන් හමුවෙනවා. ජංගම දුරකථනයෙන් කතා බහ කරනවා. එයා ඕනෑවටත් වඩා මා ගැන බලාපොරොත්තු තියා ගන්න ඇති”

මුහුණු පොත නිසා ඇති කර ගත් ප්‍රේම සබඳතා වෛරයට ගොඩනැඟී දිවි හානි කර ගත් අපේ තරුණ තරුණියන් පිළිබඳව අපට නිතර නිතර අසන්නට ලැබේ.
මාධ්‍ය කලාව අනුව මෙම මරණ අපට උණුසුම් පුවත් වන්නේ මින් සමාජයට ඉගෙන ගැනීමට විශාල පාඩමක් වන හේතුවෙනි.
මෙවැනි තොරතුරු මාධ්‍යයෙන් දැනගෙන මුහුණු පොතේ මරණ තවදුරටත් සිදු නොවිය යුතු යැයි අපේ හැඟීම වූ නමුත් එම තරුණ තරුණයෝ මුහුණ පොත නිසා සිදුවන හානිය පිළිබඳව මෙතෙක් ඉගෙන ගෙන නැත.
ඊයේ පෙරේදා අපට අසන්නට ලැබුණේ තවත් එවැනි පුවතක් පිළිබඳවය. අරලියගහ මන්දිරයේ ආරක්‍ෂක මුර කපොලූ තුළ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු හදිසියේම හිසට වෙඩි තබාගෙන මිය ගියේය. මෙම පොලිස් නිලධාරියා වරකාපොල අල්ගම 31 හැවිරිදි දිල්රුක් සමරසිංහය.
ඉතා දක්‍ෂ පොලිස් නිලධාරියකු වූ මෙම තරුණයා සිය රාජකාරිය අපූරුවට ඉටු කළේය.
31 හැවිරිදි දිල්රුක් සමරසිංහ දින දෙක තුනක් තිස්සේ මඳක් කළකිරුණු ගතියෙන් සිටි බව ඔහුගේ මිත‍්‍රයෝ කොල්ලූපිටියේ පොලිස් නිලධාරීන්ට පවසා තිබිණි.
නිතරම සිනාමුුසු ලීලාවෙන් යුතුව විහිළු තහළු කරමින් පසු වූ දිල්රුක්ගේ මෙම වෙනස්වීම කාටත් ප‍්‍රශ්නයක් වී තිබුණි.
නිවාඩු කාලය තුළදී ලස්සනට හැඳ පැළඳගෙන ජංගම දුරකථනයෙන් මොන මොනවා හරි පැය ගණන් කතා බහ කරන මොහුගේ ඉරියව් සහ තම මිතුරන් සමඟ කරන කතාබහදී ඔහු විවාහක කාන්තාවක් සමඟ මුහුණු පොත තුළින් සබඳතාවන් ගෙන ගොස් ඇති බව දැන ගැනීමට ලැබිණි.
මෙම විවාහක කාන්තාව කඩවත ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය දරු දෙදෙනකුගේ මවකි. පේ‍්‍රම සබඳතාව බොහෝ දුරදිග ගොස් තිබිණි.
‘‘අනේ මට ඔයා හමුවෙන්න ඕනෑ යැයි ඔහු දිනක් මෙම කාන්තාවට දැනුම් දීමක් කළේය.
ඉඳහිට මෙම දෙදෙනා මුණගැසුනත් ඇයට ගෙදර දොරේ වැඩ බහුලව තිබූ නිසා ‘‘මම ගිහින් එන්නම්’’ කියමින් ඇය ඔහු ගෙනා යෝජනා අනන්තවත් ප්‍රතික්ෂේප කර ඇත.
මේ හේතුව නිසා ඔහුත් ඇයත් ඉඳහිට දුරකථනයෙන් බැණවැදී පවා ඇත.
මේ අනුව පොලිස් කොස්තාපල් දිනපතාම වාගේ ඇය පිළිබඳව තැබූ බලාපොරොත්තු ද සිහිනයක් යැයි සිතන්නට ඇත ‘‘අහවල් දා එනවා’’ යැයි මෙම කාන්තාව දිල්රුක්ට අනන්තවත් පවසා ඇත. එම බලාපොරොත්තු සියල්ලම සිහිනයක් වී තිබිණි.
‘‘මෙයා මට බොරු කරනවා’’ යැයි දිල්රුක් සිතන්නට ඇත.
ඔහු ඇයට ලිපියක් ලීවේය. ‘‘මං ආදරෙයි’’ ඒ වචන දෙකකි.
ඉකුත් 4 වැනිදා පෙරවරුවේ ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් හිසට ගිනි තබා ගත්තේ ය.
කොල්ලූපිටිය පොලිසියේ පොලිස් නිලධාරියෙකු පෙරේදා අපට කීවේ තහනම් ගහේ ගෙඩි කෑමට දැරූ ප‍්‍රයත්නයක් නිශ්ඵල වීම මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවක් බවය.
මෙය සමාජයේ කාට කාටත් පාඩමක්. මෙම කාන්තාව පොලිසියට කැඳවාගෙන ඇයගෙන් ප‍්‍රශ්න කළේය.
‘‘සර්….. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්.
මුහුණු පොතෙන් මම දිල්රුක් හඳුනාගත්තා. අපි ඉඳහිට මුහුණුපොතෙන් හමුවෙනවා. ජංගම දුරකථනයෙන් කතා බහ කරනවා. එයා ඕනෑවටත් වඩා මා ගැන බලාපොරොත්තු තියා ගන්ඩ ඇති. එයා මට එන්න කියන තැන්වලට මට එන්ඩ බැහැ. අනේ මගේ සැමියට විතරක් මේ ගැන දැනුම් දෙන්න එපා’’ යැයි ඇය පොලිසියෙන් ඉල්ලීමක් කළාය.
මෙවැනි ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි මෙම පොලිස් නිලධාරියා ගේ වටිනා තරුණ ජීවිතය මෙසේ නැතිකර ගැනීම කාටත් පාඩමක් යැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
මෙම අහිංසකයාගේ සියදිවි හානිකර ගැනීම මුළු මහත් සමාජයම පාඩමකට ගත යුතුයි. එමෙන්ම මුහුණු පොතෙන් පෙම් සබඳතා ගොඩනගා ගනු ලබන විවාහක කාන්තාවනි, පෙම්වතියෙනි, පෙම්වතුනි, අනාගතය ගැන සිතන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!