Gossip

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිට ලංකාවට ආපු ජනප්‍රිය නළු රයන් පොලිසියට කියපු කතාව මෙන්න

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී ‍පොලිස් අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් මාස දෙකකට අධික කාලයක් බන්ධනාගාර ගතකර සිටීමෙන් පසු මේ වන විට ඩුබායි රාජ්‍යය විසින් වරින් වර මෙරටට එවමින් සිටියි.
ඒ කවුරු පැමිණියත් රටේ ජනතාවට නම් එය අලුත් ප්‍රවෘත්තියක් වන්නේය. මන්ද එසේ පැමිණෙන්නන් මධුෂ්ගේ හිතවතුන් වීම නිසාය.
ඉකුත් 04 දා මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ ටෙලි නාට්‍ය නළු රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන්රෝයන් ඇතුළු පුද්ගලයන් පස් දෙනකු මෙරටට පැමිණියහ.
එසේ පැමිණි ටෙලි නාට්‍ය නළු රයන් හිලරි ඇතුළු පස් දෙනාම කටුනායක ගුවන්තොටු‍පොළේදීම ‍පොලිස් අත්අඩංගුවට පත් වූයේද එහෙයිනි.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ දෙහිවල, අත්තිඩිය, ජායා මාවත පදිංචි ටෙලි නාට්‍ය නළු රයන් වෑන්රෝයන් (41), කොළොන්නාව, සාලමුල්ල, ගමගේවත්ත පදිංචි මොහොමඩ් වෂිම්ඩීන් (22), සීදුව, දිඹුතුරය පදිංචි පත්තමෙත්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා (25), අලුබෝමුල්ල, කුඩාරුක්ගම පදිංචි වැලිපිටියගේ සුරාජ් කාවින්ද සිල්වා (28) හා කඹුරුපිටිය, මලාන පදිංචි කොඩිකාර ආරච්චිගේ චරිත් පත්මන් (40) යන පස්දෙනාය.
මොවුන් පස්දෙනාගෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටු‍පොළේ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම ඉකුත්දා (04) උදෑසන සිට ආරම්භ කර තිබුණි. එමෙන්ම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින්ද ටෙලි නාට්‍ය නළු රයන් වෑන්රෝයන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඒ ඉකුත් 2018.11.05 වෙනි දින මහරගමදී ව්‍යාපාරිකයකුගෙන් මංකොල්ලකන ලද රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය හා රුපියල් කෝටි 200 ක් වටිනා මැණික් ගල් පිළිබඳවය.
රයන් විදේශගත වීමට පෙරද මේ කොල්ලය පිළිබඳ ඔහු වෙත සැකය එල්ල වී තිබිණි.
ඒ නිසාම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය රයන් විදේශ ගතවීමට පෙර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.
එහිදී ඔහු කියා තිබුණේ ඔහු මාකඳුරේ මධුෂ් නොහඳුනන බවය. එසේ කී ඔහු මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයට සහභාගි විම පිළිබඳ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය.
පැය අටකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම ‍පොලීසිය වෙත ඔහුව ඉදිරිපත් කෙරුණි.
ඒ ඔහුගේ මෝටර් රථයේ තිබූ කේරළ ගංජා තොගයක් සම්බන්ධයෙනි. මේ වනවිට මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් 13 දෙනකු මෙරටට වරින් වර එවා තිබේ.
ඒ අතර ගායන ශිල්පී නදිමාල් පෙරේරා (24), කළුතර බන්ධනාගරයේ නියාමකවරයෙකු වූ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර (25), මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපාන ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස්, මොහොමඩ් සියාම්, ලංකා සජිත පෙරේරා ඇතුළු පිරිස වේ.
කෙසේ නමුදු රට්ටුන් බලා සිටින්නේ මාකඳුරේ මධුෂ්ගේ පැමිණීම බව නම් නොරහසකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!