Gossip

“Dilog ප්‍රශංසා Derana 60 Plus නිසා මාව දැන් ගොඩක් අය අඳුරනවා.මගේ ලොකුම හීනේ මේ තරගය ජයග්‍රහණය කරන එක තමයි.” – ක්ලැරිස් ලින්ඩ්සේ

ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වුණු රියැලටි උත්තමාචාරය Dilog ප්‍රශංසා Derana 60 Plus අවසන් මහා තරඟය මෙවරත් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රෙය්දී පැවැත්වීමට නියමිතයි.
මේ මස 12 වනදා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන එම අවසන් මහා තරගයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්වනවා.
තරඟකරුවන් 18,000 දෙනෙකු අතරින් තරගවට 10කට පමණ සහභාගී වී අවසන් තරගයට සුදුසුකම් ලැබූ අයෙක් තමයි ක්ලැරිස් ලින්ඩ්සේ මහත්මිය.
ඉතින් Dilog ප්‍රශංසා Derana 60 Plusවේදිකාව හැඩ කරන ක්ලැරිස් මහත්මිය ඇගේ විස්තර අපිත් එක්ක බෙදාගත්තේ මේ විදියට.

Dilog ප්‍රශංසා Derana 60 Plus නිසා කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මාව දැන් ගොඩක් මිනිස්සු අඳුරනවා. මගතොටේදි හම්බෙන ගොඩක් අය ඉතාමත් සුහදව කතාබහ කරනවා. හැමෝගෙම ආදරය නොඅඩුව ලැබෙනවා.

ඔබේ පවුලේ විස්තර මතක් කළොත්?
මගේ මහත්තයා ඩෙරික් ලින්ඩ්සේ. මට දියණියන් 4 දෙනෙක් සහ පුතෙක් ඉන්නවා. දුවලා තිදෙනෙක් දැන් විවාහ වෙලා ඉන්නේ.

සංගීතයට හා බැඳුනු පවුල් පසුබිමක් තියෙනවා නේද?
ඔව් මගේ තාත්තා සංගීතයට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා නිසා තමයි මටත් මේ හැකියාව පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මගේ සැමියාත් සංගීතය කරන කෙනෙක්.

පාසල් ජීවිතය කොහොමද?
මම පාසල් ගියේ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට. පාසලේදී සංගීතය විෂයක් විදියට මං හැදෑරුවා. තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණය කළා. ඒ වගේම ඊට පස්සේ මම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙත් ගීත ගායනා කළා.

කොහොමද මහත්තයාව මුණ ගැහුණේ?
එයා මගේ ඥාති සහෝදරයෙක්ගේ යහළුවෙක්. ඒ ඇඳුනුම්කම තමයි ආදරයකට පෙරලුනේ. එයාට සංගීත කණ්ඩායමකුත් තිබ්බා. ඊට පස්සේ අපි අවුරුද්දක් විතර ආදරය කරලා විවාහ වුණා.

කැමතිම ගායිකාව කවුද?
සුජාතා අත්තනායක මහත්මිය

Dilog ප්‍රශංසා Derana 60 Plus ආපු ගමන කොහොමද?
ඇත්තටම මම තරගවලට සහභාගී වෙන්න කැමති කෙනෙක්. ඉතින් Dilog ප්‍රශංසා Derana 60 Plus අයදුම් කරන්නත් මට ආසාවක් ආවා. මට ඕනම ශෙලියක ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම කියන්න ඕන Dilog ප්‍රශංසා Derana 60 Plus නිසා මාව දැන් ගොඩක් අය අඳුරනවා. මේ තරගය නිසා සංගීතය ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. දැන් මගේ ලොකුම හීනේ මේ තරගය ජයග්‍රහණය කරන එක තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!