Gossip

“තාත්තගේ නම කියන්න බැහැ.. කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා.” – සහරාන් මැරෙන්නට කලින් සිව් හැවිරිදි දියණීය අපයෝජනය කරලා

“තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ එසේ පවසූ බවයි වාර්තා වන්නේ.
අම්පාර සයින්දමරුදු නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පෙරේදා (08) කොළඹට ගෙන එනු ලැබුවා.
එම දියණියගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය ඊයේ (10) අවසර ලබා දුන්නා.
සහරාන්ගේ බිරිඳ සහ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
(සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා හෝ ලිංගික අපයෝජනය නොසළකා හැරීම හෝ නොසැළකිලිමත් ලෙස සැළකීම වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරා කෑම් හේතුකොට ළමයාගේ සෞඛ්‍ය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ලෙස ක්‍රියා කිරීම ළමා අප යෝජනය ලෙස හෝ ළමා හිංසනය ලෙස අර්ථ දැක්වේ.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!