Gossip

මාකඳුරේ මධූෂ් සියල්ල වමාරයි – මධූෂ්ගේ ගේම්වලට පොලිසියේ සහ දේශපාලඥයන්ගේ සහය හිමිවූ හැටි

මාකඳුරේ මධූෂ්, තමා සමඟ සම්බන්ධකම් පැවැත්වූ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් ගැන දැවැන්ත හෙළිදරවුවක් මේ වන විට සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරනවා.
දෙවුන්දරින් ඉකුත් වසරේදී ගොඩබාන ලද, කිරුළපොන මොරිල් නමැත්තාට අයත් හොරොයින් කිලෝ 128ක් කොල්ලකෑමට පවා ඔහු පොලීසියේ සහාය ගෙන තිබෙන බවද හෙළි වී තිබේ.
පෑලියගොඩ පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු ඉකුත් මාර්තු මාසයේදී හෙරොයින් කිලෝග්රෑම් තුනහාමාරක් සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ හොරොයින් දෙවුන්දරින් කොල්ලකෑ හෙරොයින්එවලින් කොටසක් බවට සැකයක්ද පැවතිණි. එය මේ වන විට තහවුරු වෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරි­‍යෙක් සඳහන් කළේය.
මාකඳුරේ මධූෂ් පොලිස් නිලධාරීන් රැසක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කර ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ද ඒ අතර සිටින බව සඳහන්ය. නාලක සහ මධූෂ් අතර ඇති සම්බන්ධකම්ද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!