Gossip

ධර්ගා නගරයෙන් සොයාගත්, ජෙල් ගෑ තිසරපට ගැන සිදුකළ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිවුණු දේ මෙන්න

ධර්ගා නගරයේදී පොලිස් භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර තිබෙනවා.
ව්‍යාපාරිකයෙකු විසින් අලෙවිය සඳහා මෙම තනපට ගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.
සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූයේ දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමේදීය.
පොලිසිය විසින් මෙම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!