Gossip

වඳ සැත්කම් කළ බවට චෝදනා කරන වෛද්‍ය ෂාෆි ගැන දඹුල්ල රෝහලෙනුත් පැමිණිලි ගලා එයි – සම්පූර්ණ විස්තරය මෙන්න

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කාලයේ සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස පැමිණිලි කර මවුවරුන් පවසා ඇත්තේ මෙම වෛද්‍යවරයා විනාඩි දහයක් පහළොවත් අතර කාලයක් තුළ සිසේරියන් සැත්කම සිදුකළ බවත් ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම සිදුකළ බවත්ය.

එමෙන්ම මොවුන් 2013 වසරේ සහ 2015 වසර දක්වා දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මවුවරු බව පොලීසිය පවසනවා.

මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිළිබඳව විවිධ වෛද්‍යවරුන්ට සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බවද මෙම මවුවරු සඳහන් කර ඇති අතර මේ වනවිට දඹුල්ල පොලීසියට ලැබෙන සෑම පැමිණිල්ලක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවටද වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!