Gossip

ඇත්තම කිව්වොත් අද අපේ රටේ ටෙලි නාට්‍ය කලාව කියන්නේ සම්පූර්ණයෙන්ම මුදලට යට වෙච්ච දෙයක් – දෙවෙනි ඉනිමේ රණේ

දෙවෙනි ඉනිමේ රණේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඒත් මේ රණේ් මේ දිනවල තිරගත වන ධර්මසේන පතිරාජගේ ස්වරූප චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ  දෙවැනි ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකින්.

ඔහු එහි නිරූපණය කරන්නේ ගේ‍රගරි නම් සංකීර්ණ චරිතයක්. රූපයෙන් කවුරුත් හඳුනාගෙන සිටියත් ඔහුගේ සැබෑ නම වන්නේ තුෂිත ලක්නාත්.

අපි ඔබට රණේ කියන්නද? ගේ‍රගරි කියන්නද?

එහෙම නැත්නම් තුෂිත කියන්නද? දෙවෙනි ඉනිමට විතරයි මේ තුෂිත රණේ වෙන්නේ. ගේ‍රගරි කියන්නේ තුෂිතගේ ජීවිතේට ලැබුණු තීරණාත්මක කඩයිමක්. මොන නමකින් හැඳින්වුවත් ඒ නම පිටුපස ඉන්නේ තුෂිත කියන රංගන ශිල්පියායි.

ස්වරූප වැනි කලාත්මක සිනමා පටයක ප්‍රධාන චරිතයක් රඟපෑම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මේ සිනමා කෘතිය මට ලැබුණු වටිනා අවස්ථාවක්. ගොඩක් දෙනා මාව හඳුනාගත්තේ දවෛනි ඉනිමේ රණේ කියන හාස්‍යජනක චරිතෙන් වුණාට මම චිත්‍රපට ගණනාවකම, ප්‍රවීණ අධ්‍යක්ෂවරු හරහා සංකීර්ණ චරිත කරපු රංගන ශිල්පියෙක්. ඒත් ඉතින් අපේ රටේ තිබෙන චිත්‍රපට ‍පෝලිමත් එක්කම හොඳ නිර්මාණ එළියට එන එක නතර වෙලා. අපිට වුණත් එළියට එන්න විදියක් නෑ.

මේ දවස්වල දෙවැනි ඉනිමේ රණේට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් කියන්න වචන නෑ. මේ චරිතය නිසාම මට තවත් එවැනිම චරිත කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද අපේ රටේ ඉන්න බොහෝ පිටපත් රචකයෝ හිතාගෙන ඉන්නේ එක චරිතයක් ජනතාව අතරට ගියාම එවැනි චරිතවලට ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය විතරයි සුදුසු කියලා. ඇත්තටම මම කොමඩි නළුවෙක් නමෛයි. ඊට වඩා සංකීර්ණ චරිත රඟපාන කෙනෙක්. අනිත් එක මම වගේම ඔය වගේ චරිත රඟපාන්න පුළුවන් නළු නිළියෝ ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා.

ඔබ ලබා දුන් උත්තරයත් එක්ක අපට නම් සිතෙන්නේ මේ රටේ ටෙලි නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඔබට කුමන හෝ ප්‍රශ්නයක් ඇති බවයි?

ඇත්තම කිව්වොත් අද අපේ රටේ ටෙලි නාට්‍ය කලාව කියන්නේ සම්පූර්ණයෙන්ම මුදලට යට වෙච්ච දෙයක්. ඒත් වේදිකාව, සිනමාව කියන්නේ ඊට වඩා වෙනස් තැනක්.
ඔය කියන මාධ්‍ය තුන ගැනම මට හොඳ හැදෑරීමක්, වැටහීමක් තියෙනවා. වේදිකාවට, සිනමාවට මා වැඩිපුරම ඇලුම් කරන්නේ ඒ හරහා නිර්මාණශීලී ගුණාත්මක දෙයක් තවමත් කරන්න පුළුවන් නිසයි. අනෙක ටෙලි නාට්‍ය කලාව තරම් ඔය කියන මාධ්‍ය දෙක තවමත් විකිණිලා නෑ.

ඔබ හිතන්නේ නළුවෙක් හෝ නිළියක් වීමට නම් රංගනය ගැන හැදෑරීමක් අත්‍යවශ්‍යම බවද?

මම නම් කලාවට ආවේ කලාව ගැන ඉගෙන ගෙන. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ වගේම මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව කථිකාචාර්යවරයෙක් විදිහටත් සේවය කරනවා. ඒ නිසා ඔය කියන හැදෑරීම හෝ ඉගෙන ගැනීම මා තුළ තිබෙනවා. ටෙලි නාට්‍යයක, චිත්‍රපටයක ජනප්‍රිය වූ පමණින් තමන් සියල්ල දන්නවා,… තමන්ට සියල්ල පුළුවන් යැයි සිතා සිටින පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අය එනවා යනවා. ඉතිරි කර යන කිසිවක් නෑ.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගන්නත් ආදරණීය රසික රසිකාවියන් කැමති වෙයි.

මගේ බිරිඳත් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක්. මගේ පුතාත් රංගනයෙන් දායක වුණ චිත්‍රපටයකුත් ඉදිරියේදී එන්න තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!