Gossip

ඉන්දියානු ටෙස්ට් තරගාවලිය අසේලට හා කුසල්ට අහිමි වන ලකුණු

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ආබාධය සුව වෙමින් සිටින අසේල ගුණරත්නට සහ කුසල් ජනිත් පෙරේරාට අහිමි වන තත්ත්වයක්‌ මතුව තිබේ.

කුසල් ජනිත් පෙරේරාගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත් වීම සහ අසේල ගුණරත්නගේ ඇගිල්ලේ ආබාධය සම්පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් අවධානමක්‌ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

අසේල ගුණරත්න මීට සතියකට පෙර සිටි පිතිකරණ පුහුණුවීම්වල නිරත වුවද ඔහුගේ ඇගිල්ලේ සියුම් රිදීමක්‌ තිබෙන බැවින් පන්දු රැකීම එයට බාධාවක්‌ වී තිබේ. කුසල් ජනිත් පෙරේරාද පිතිකරණ පුහුණුවීම් අරඹා තිබුණද ආබාධයෙන් පසුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව 100% ක්‌ නොමැතිවීමෙන් කණ්‌ඩායමට එක්‌වීමට නොහැකි තත්ත්වයක්‌ මතුව තිබේ. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ නියෝගයක්‌ මත ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ අසමත් කිසිවකු ජාතික කණ්‌ඩායම්වලට නම් නොකිරීමේ වැඩ පිළිවෙල යටතේ තේරීම් කමිටුව ඔවුන් දෙදෙනාට ඉන්දියානු ටෙස්‌ට්‌ තරගාවලියද විවේක ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා මොවුන් දෙදෙනාට සහභාගි වීමේ වැඩි අවස්‌ථාවක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!