Gossip

මිත්‍ර‍ශීලිකම නම් ටිකක් අඩුයි – සජානා වනිගසූරිය

සජානා වනිගසූරිය දැන් වැඩිය පුංචි තිරයේ පේන්න නැතත් ගොඩක් අය ඇයව හඳුනනවා. ඉතින් සජානා ඇගේ විස්තර පුවත්පතක් සමග මෙලෙස කියා තිබුණා. මේ ඇයගේ තොරතුරුයි.

දිනවල සජානාගේ ජීවිතය ගෙවෙන්නේ කොහොම ද?
එග්සෑම් ඉවර වුණ නිසා මේ දවස්වල විවේකයෙන් සහ සැහැල්ලුවෙන් ඉන්නවා.

එග්සෑම් කිව්වේ?
මම දැනට වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා.

ඒ කියන්නේ අනාගතයේ සජානා වෛද්‍යවරියක්?
ඔව්. මම කැමැති සමේ රෝග පිළිබඳ විශේෂඥවරියක් වෙන්න. කැමැති තවත් අංශ තියෙනවා. ඒ කාලේ වෙද්දි වඩාත් සුසුසු දේ තෝරා ගනීවි.

රංගනයෙන් ඈත් වෙන්න ද කල්පනාව?
අනේ නැහැ. රංගනයට විරාමයක් දීල තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. නමුත් තව වසර දෙකකින් හොඳ නිර්මාණයක් ලැබුණොත් මම දායක වෙනවා.

කලාකාරිනියක් ලෙස ඔබව හඳුන්වනවානම් කැමැති මොන අංශයෙන්ද?
නර්තනය, නිවේදනය, ගායනය සහ රංගනය කියන්නේ ක්ෂේත්‍ර‍ හතරක්. ඒ නිසා ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්. ඉතින් ඒ හැම අංශයකටම මම කැමැතියි.

විවේකයක් ලැබුණම මොකද කරන්නේ?
අම්මා තාත්තා සහ අයියා එක්ක එකතු වෙලා කොහේ හරි ඇවිදින්න යනවා. සින්දු අහන්නත් කැමැතියි.

සැබෑ ජීවිතයේ සජානා කොයි වගේද?
නිදහසේ ඉන්න කැමැති සංවේදී කෙනෙක්.

අපිට නම් ආරංචි වුණේ ඔබ සංවේදී නැහැ කියලයි?
හිත් රිදෙන අවස්ථා තියෙනවා. මම බොහෝ විට එවැනි අවස්ථා මග හැරලා ඉන්න තමයි උත්සාහ ගන්නේ. ඉස්සර නම් ඔබ කිව්වා වගේ සංවේදිකම ටිකක් අඩුයි. නමුත් වයසින් පරිණත වෙද්දි ඒ දේවල් ඉබේම සිදු වෙනවා.

මිත්‍ර‍ශීලි නැහැ කියන්නේ ඇත්ත ද?
මිත්‍ර‍ශීලිකම නම් ටිකක් අඩුයි. මිතුරු වෙන්න ටිකක් කල් යනවා තමයි.

ආදරයේදිත් එහෙමද?
ඔව්. සබඳතාවයක් ගොඩ නඟා ගන්න කලින් ඔහුව හඳුනා ගන්න, තේරුම් ගන්න කාලයක් අවශ්‍යයි. ඉක්මන් තිරණ අරගෙන හිත් රිදවා ගන්නවාට වඩා කාලයක් අරන් එකිනෙකා අවබෝධ කර ගැනීම හොඳයි කියලයි මම නම් හිතන්නේ.

සජානාගේ රුව බොලිවුඩ් නිළියකගේ රුවට සමානයි යැයි සමහරු කියනවාලු නේද?
ඔව්. සමහර අය කියලා තියෙනවා. ඒත් මං හිතන්නේ මං අපේ අම්මා වගේ.

ඒ කියන්නේ සජානා ජනප්‍රිය චරිතයක් ?
මට ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ. රූපවාහිනියේ වුණත් මං වැඩිපුර පේන්න නැති නිසා ගොඩක් අය මාව දන්නෙත් නැතුව ඇති. නමුත් බොහෝ දෙනෙකුගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!