Gossip

රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ මතකය නැවතත් අවදි වෙයි – Photos

අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙක් වුණු විජය නන්දසිරිගේ ආදරණීය බිරිඳ තමයි දේවිකා මිහිරාණි කියන්නේ.
ඇය ප්‍රථම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියයි.
2016 වසරේ අගෝස්තු අට වැනිදා රසික හදවත් කඳුලින් පුරවමින් විජය නන්දසිරි මෙලොවින් සමුගන්නවා.
මේ වෙද්දි විජය සමුඅරන් වසර දෙකක් ගතවෙලා.
සතිඅන්ත පුවත්පතකට දේවිකා මිහිරානි ඒ ගැන කියලා තිබුණේ මේ විදිහට.

කලින් කලට පසු ඔබ ටෙලිනාට්‍යක රංගනයට එක්‌ව ඇතිවග අපට දැනගන්නට ලැබුණා.?
මේ දිනවල ටෙලිනාට්‍යයක නම් රඟපාන්නෙ නැහැ. ආරාධනාවක්‌ ලැබුණා.
නමුත් මඟේ මව මියගිහින් අවුරුද්දක්‌ සම්පූර්ණ වෙනවා මේ වසරට. ඒ වෙනුවෙන් පින් කමක්‌ කරන්න හිතාගෙන ඉන්නවා.
ඊට අමතරව විජයගේ දෙවර්ෂ පූර්ණය හා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක්‌ කරන්න සූදානම් වෙනවා.
මේ වෙනුවෙන් අපේ මිනිපිරියත් ලංකාවට ආවා. මේ වැඩ කටයුතු එක්‌ක මට මේ දිනවල කාලය ලබාදෙන්න අපහසුයි. නමුත් මේ කටයුතු වලින් පස්‌සෙ ඔවුන් නිර්මාණයක්‌ කරනවා නම් මම එයට දායක වෙන බව පවසා ඒ කටයුත්ත ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණා.

දිඟු කලක්‌ ඔබව ටෙලිනාට්‍යයකින් අපට දැක ගැනීමට නොහැකි වීමට බලපෑ හේතුව රංගන දිවියට වඩා පෞද්ගලික දිවියට පෙම් කිරීමද ?
අනිවාර්යෙන්ම. රූපවාහිනියේ යමක්‌ කිරීමේ ආශාවක්‌ හා කැමැත්තක්‌ තියෙනවා නමුත් ඊටත් වඩා මම වෙනුවෙන් යමක්‌ කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමයි මම වැඩි අවධානය යොමු කරන්නෙ.
මොකද මගේ ජීවිතයම කැපවුණේ ඔහු වෙනුවෙන්. පැහැදිලිවම රඟපෑමේ කැමැත්තක්‌ තියෙනවා.
මා තුළ නිළියක්‌ රඟපාන්න කැමති නැහැ කියනව නම් ඒක බොරුවක්‌. නමුත් කාලය පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්නෙ.

ටෙලි හා සිනමා නිර්මාණ තුළ ඔබ නොපෙනුනාට වේදිකාව මත නිරතුරුවම ඔබ අපට හමුවනවා.?
වේදිකාවේ නිර්මාණවලට දායක වෙන්න අපිට කැමැති දින යොදාගන්න පුළුවන්.
ටෙලිනාට්‍යකදී හෝ චිත්‍රපටයකදී එක දිගට කාලයක්‌ ඔවුන්ට ලබාදෙන්න වෙනවා. එතනදී පෞද්ගලික කාරණා බලපාන්නෙ නෑ. අනිවාර්යෙන්ම ඒ නිසයි පෞද්ගලික කාරණා දහසක්‌ අතර වුණත් මම වේදිකාව තුළ දකින්න ලැබෙන්නෙ.

විජයගේ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කෙරෙන පිංකම් මොනවද?
එයාගෙ උපන් දිනය හා දෙවර්ෂ පූර්ණය යන අවස්‌ථා දෙකම වෙනුවෙන් අපි අගෝස්‌තු 8 වැනිදා දිනය තුළ ධර්ම දේශනයක්‌ සහ දානමය පිංකම් පවත්වනවා.
ඒ වගේම ඔහු වෙනුවෙන් පිළිමයක්‌ නිර්මාණය කරන්න මගේ අදහසක්‌ තියෙනවා.
එදිනට එම පිළිමය නිර්මාණය කර අවසන් කරන්න බැරිවෙයි නමුත් ඒ කටයුත්ත අරඹන්න හෝ උත්සාහ කරනවා.
ඒ විතරක්‌ නෙවෙයි ඔහුගේ සොඳුරු සමාජ දායකත්වය මතු පරපුරටත් දායක කරන්න මම බලාපොරොත්තු වෙනවා. කළහැකි යමක්‌ වේද ඒ හැමදෙයක්‌ම කරන්න බලාපොරොත්තු වෙනවා.

විජයව වඩාත් හඳුනන කෙනා ඔබ හැටියට ඔහුව දකින්නෙ.?
පසුගිය කාලයේ එයා දිගටම ප්‍රහසන චරිත රඟපෑවා. ඒකට හේතුවන්න ඇත්තේ ඔහු කරන දෙයින් මිනිස්‌සුන්ගේ හිත්වල ලැගුම් ගත්නිසා වෙන්න ඕනෑ.
විජය ඊට වඩා කලාත්මක චරිත ගැඹුරු චරිත නිරූපණය කළ කෙනෙක්‌. අවුරුදු 27 ක්‌ මනමේ කුමාරයාගේ චරිතය මනමේ කුමරියන් 5 දෙනෙක්‌ එක්‌ක රගපෑවා.
ඒක නළුවෙකුට ලැබෙන දුර්ලභ වරමක්‌. විජය මියයන තෙක්‌ම ඔහුගේ පෙනුම රැකුණා. ඔහු මියගියේ අවුරුදු 69 දි.
ඔහු මියගියාට පසුවයි ඔහුගේ නියම වයස බොහෝ දෙනා දැන ගත්තේ.
විජයගෙන් හිස්‌වුණ ලෝකයේ ඒ පාළුව තනිකම මට කියල නිම කරන්න බැහැ. විජය සිටිය කාලයේ මට ලැබුණ සැප සම්පත් සහිතව මම අද ජීවත් වුණත් ඒ හිස්‌තැන පුරවන්න බැහැ. අද මට දේවිකා කියල කතා කරන්න කෙනෙක්‌ නැහැ. අනික හැමෝම මට කතාකරන්නෙ අක්‌කා නංගි කියල. විජය තමයි මට දේවිකා කියල කතා කරපු එකම කෙනා.
ඔහුට ගරුකළ මේ රටේ ජනතාව වෙනුවෙන් අනාගතයේදී විජයගේ නමින් රංගන පාසලක්‌ පටන් ගන්න මගේ අදහසත් තියෙනවා. ඒක ගැන මට නිශ්චිත කාලයක්‌ කියන්න බැරි වුණත් මම කවදා හෝ එය කරනවා.

ටෙලි තිරයට ඔබ නැවත එන්න බලාපොරොත්තු වෙනවානම් ඔබ තෝරාගන්නේ.?
මට තරුණ චරිත රඟපාන්න බැහැනෙ. මවක්‌ මිත්තනියක්‌ හෝ සොයුරියකගේ චරිත තමයි රඟපාන්න වෙන්නෙ. මොනව වුණත් මට ගැලපෙන චරිත තමයි මම රඟපාන්නෙ.

ධම්මිකා සුරංජි පතිරණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!