Gossip

සියලු හදවත් කම්පා කරමින් වෙසක් පෝදා කළ අහස පොළව නුහුළන අපරාධය – Photos

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ දිඹිරියගල්ල ප්‍රදේශයේ දී අද(29) වෙසක් පෝදා මස් අලෙවි කිරීමට කිරි එළදෙනක ඝතනය කළ පුද්ගලයකු මැදගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙම එළදෙන කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් ගෙල කපා ඝතනය කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.

මේ පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක උනු මැදගම පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මැදගම ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසනවා.

මෙම එළදෙන පැටවෙකු බිහි කිරීමට සිට ඇති අතර සැකකරු මෙවැනි ආකාරයෙන් ගවයින් ඝතනය කර මස් අලෙවි කරන අයෙක් බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!