Gossip

ඉක්මන් කරලා ඔබත් යන්න – මහා සල්ලි දන්සැල – ඡායාරූප මෙන්න

සබරගමුව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා විසින් සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පවත්වා තිබෙනවා.

මෙම දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පොලිම් ගැසි මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කල දන්සලට පැමිණි ඒ සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.

පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලූ මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය.

සබරගමුව පළාතේ ප‍්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ..

එම අවස්ථාවේ මෙවැනි දන්සලක් පැවැත්විම සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු සබරගමුව පළාත් සභා මන්ත‍්‍රීවරයායා මෙසේ පැවසීය.

“හැම තැනම විවිධ දන්සල් තියෙනවා. මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සමහර අය අපි සල්ලි දන්සලක් දෙනවා කිවාට පස්සේ කලබල වේලා හොර සල්ලි දන්සලක් දෙනාව කියලා හැම තැනට තුණ්ඩු දාලා තියෙනවා. නමුත් අපි ඒ මෝඩ එක්සත් ජාතික පක්ෂයේ අයට කියනවා හොර සල්ලි අපි බෙදනවා නම් ලගම තියෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න එහෙම නැතිනම් සි.අයි.ඩි. එකට හරි එෆ්.සී. අයි. ඩි. එකට හරි දැනුම් දෙන්න කියලා. ”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!