Gossip

ශාස්ත්‍රපති උපාධියකුත් අරන් දෙවෙනි ඉනිමේ දෙව්මි එක්ක පෙමින් වෙළෙන මලින්ත – Photos

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය.
මෙම ටෙලි සිත්තමට මෑතකදි එකතු වුණු චරිතය තමයි මලින්ත.
පුංචි තිරයට අලුතින් එකතුවුණු මේ හැඩකාරයා කවුද..?

අවන්තව රවට්ටන්න දෙව්මිගේ පෙම්වතා විදිහට රඟපාන මලින්ත ඔහුගේ තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

දිනෙත් කියන්නද? මලින්ත කියන්නද?
මම දිනෙත් ඈපාලියන. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ චරිතයේ නම තමයි මලින්ත. මම කැමැතියි මගේ සැබෑ නම ‘දිනෙත්, නමින් කතා කරනවට.

දිනෙත් මොන වගේ චරිතයක්ද?
ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවන, කලාවට ආදරය කරන තරුණයෙක්.

ඒ නිසාද කලාවට එන්නේ..
ඔව්. වසර ගණනක් හොඳ හැදෑරීමක් කරල හිතේ තියෙන ආසාව නිසාමයි කලාවට එන්නේ.

‘දෙවෙනි ඉනිම‘ දිනෙත්ගේ පළමු ටෙලි රංගනයද?
මෙය මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වුණාට මීට පෙර ටී. වී කමර්ෂල්වල පෙනී සිටියා. කැමරාව ඉදිරියට ආගන්තුකයෙක් වුණාට අවුරුදු අටක් පමණ කැමරාව පිටුපස කලාව සමග වැඩකළා.

මොනවද අවුරුදු අටක් තිරයෙන් පිටුපස කළේ..
2010 සිට 2016 දක්වා ලන්ඩනයේ විශ්වවිද්‍යාලයකින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දක්වා හැදෑරුවා.
එහිදී අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය තමයි කළේ. ඊට අමතරව එංගලන්තයේ අලුතෙන් කරන සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා.
කෙටියෙන්ම කියනවනම් තේ අල්ලන එකේ පටන් නිෂ්පාදන වැඩ දක්වා සම්බන්ධවුණා.

‘දෙවෙනි ඉනිමට‘ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
2017 වසරෙදි ශාස්ත්‍රපති උපාධිය අවසන්කර ලංකාවට ඇවිත් ටී. වී කමර්ෂල් කිහිපයකටම පෙනී සිටියා.
ඔය කාලයේදී මගේ ඡායාරූප කිහිපයක් සහ කලින් කරපු වැඩවල ලින්ක් කිහිපයක් දෙරණට යැව්වා. ඉන්පසුව ඔවුන් මාව කැඳවා ඉන්ටර්ව්ව් කරල තමයි මේ චරිතය භාර දුන්නේ.

මලින්තට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් අය මග තොටේදි හමුවුණාම විවිධ දේ කියනවා. සමහරු කියනව නාට්‍යයට අලුත් පනක් ලැබුණෙ මලින්ත ආවට පස්සෙ කියල.

දිනෙත් ලන්ඩන් විශ්වවිද්‍යාල සිසුවෙක් නිසා ලංකාවෙ විශ්වවිද්‍යාල සිසුවෙක්ගේ චරිතයක් කරන්න අපහසු වුණේ නැද්ද?
ලන්ඩන් විශ්වවිද්‍යාල සිසුන්ට වඩා ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් හාත් පසින්ම වෙනස්. අපේ රටේ සිසුන්ගේ හැඟීම් නෙමෙයි එහෙ සිසුන්ට තියෙන්නේ.
ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්. ‘දෙවෙනි ඉනිමෙ‘ එක් අවස්ථාවක් තියෙනවා ලෙක්චර්ස් ඉවරවෙලා අච්චාරු කන්න යමුද කියල කතාවෙනවා.
ඕක ලන්ඩන් විශ්වවිද්‍යාලයක වුණානම් කියන්නෙ බියර් එකක් බොන්න යමුද කියලයි.
ඕක තමයි වෙනස. අපි දැනගන්න ඕන කොහේ ගියත් අපේ සංස්කෘතිය රැකගන්න. ඒ නිසා මම විදේශයක සිටිය කියල ඔය දේවල්වලට යොමුවුණේ නැති නිසා මලින්ත චරිතය කරන්න අපහසුවක් වුණේ නෑ.

කලා‍වේ කාවද අනුකරණය කරන්නේ..
කිසිවෙක් අනුකරණය කරන්නෙ නෑ. ආභාසය ලබනවනම් හොඳයි. මලින්තගේ චරිතය වුණත් කරන්නෙ මම ම හිතලා.
අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් චරිතය සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. ජාත්‍යන්තර සිනමාවේ ටොම් කෘස්, ලියනාඩෝ ඩී. කැප්රියෝ වැනි රංගන ශිල්පීන්ට කැමැතියි.

දිනෙත් පෙම්වතෙක්ද?
ඉදිරියේදි කියන්නම්.

පවුලේ විස්තර..
මගේ ගම ගාල්ල වුණත් අපි දැන් පදිංචිවෙලා ඉන්නෙ නුගේගොඩ. තාත්තා , අම්මා , නංගී පවුලේ සාමාජිකයන්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගුරුවරියක්.

අනාගත බලාපොරොත්තු..
ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යෑම. ඒ සඳහා හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.
දැනටත් මට ඕනෑ වෙහෙස වෙලා එන මිනිසුන්ගේ හිත හදන්න පුළුවන් , හිතේ සතුටින් නිදියන්න පුළුවන් නිර්මාණවලට දායක වෙන්න. ඒ සඳහා නිෂ්පාදනය, අධ්‍යක්ෂණය , රංගනය, පිටපත් රචනය යන හැම අංශයකින්ම කලාව හා සම්බන්ධ වෙනවා. ඉදිරියේදි මගේම කියලා චිත්‍රපටයක් කරන්න බලාපොතේතුවක් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!