Gossip

මෙගා සාදයක් සඳහා සිසිලියානු මුහුදු වෙරළට යාත්‍රා කරන ජනප්‍රිය තරු යුවළගේ කවුරුත් කතා වෙන වීඩියෝව..

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් කියන්නේ කවුරුත් දන්න සහ දිගින් දිගටම අලුත් පුවත් මවන සුපිරි ආදරණීය යුවළක් . ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන සැලකිල්ල සහ ආදරය අන්තර්ජාලය පුරා ගලා යන පින්තූරවලින් පිළිබිඹු වන අතර මේ යුවළ දැන් සිසිලියානු මුහුදු වෙරළට මෙගා සාදයක් සඳහා සහභාගී වෙන අතර එය ප්‍රධාන පෙළේ චරිත කිහිපයකට පමණක් ආරාධනා ලැබෙන සාදයක් ලෙස වාර්තා වෙනවා. ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, කැටි පෙරී සහ තවත් අය මේ සාදය සදහා සහභාගී වනවාලු.

සිසිලියානු වෙරළට යාත්‍රා කරන යුවළගේ නව වීඩියෝවක් අන්තර්ජාලය තුළ මතු වී ඇති අතර එය සෑම දෙනාගේම අවධානය දිනාගන තිබෙනවා . යුවළගේ ඉතා විශිෂ්ට පෞරුෂය ඔවුන් දෙදෙනා පිටතට යන සෑම අවස්ථාවකම දක්නට ලැබෙනවා. මේ නිසා ඔවුන් පිලිබඳ ගොඩක් දෙනෙක් කතා කරන්න පෙළඹෙන එක අරුමයක් නෙවෙයි .

ප්‍රියංකා ඉතා ඉක්මනින් ෂොනාලි බෝස්ගේ ‘ද ස්කයි ඊස් රෝස් ‘ චිත්‍රපටයේ රඟපාන්න වැඩකටයුතු සූදානම් කර ඇති අතර එහි ෆර්හාන් අක්තාර් සහ සයිරා ද රංගනයෙන් දායක වෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!