Gossip

ණය අනුමතයි කියලා කියනවලු, මූලික අත්තිකාරමක් ඉල්ලනවලු..ව්‍යාජ එන්ටර්ප්‍රයිස් හොරුන්ගෙන් පරිස්සම් වෙන්න..

රජය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යට‌තේ ණය අනුමත කර ඇති බව කියමින් මුදල් අමාත්‍යාංශයේ වගේ ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගන විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ණය අනුමත කරායැයි කියමින් ලිපි යොමු කර මූලික අත්තිකාරමක් ලෙස ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා.

මුදල් දෙපාර්තුමේන්තුවේ ණය නිකුත් කිරීමේ නිෂ්කාශන අංශයේ අධ්‍යක්ෂක ලෙස ජයම්පති කරුණාමුණි සහ චන්ද්‍රා ජයසිංහ යන නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ලිපි යොමුකර තිබෙන බවට අමාත්‍යාංශයට මේ වෙනකොට සාක්ෂි ලැබී තිබෙනවා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ කරන්නේ ණය ඉල්ලුම්පත් නිකුත් කිරීම පමණක් බවත් ණය නිකුත් කිරීම හෝ නිර්දේශ කිරීම මුදල් අමාත්‍යාංශයෙන් සිදු කරන්නේ නැති බවත් සහ ඒ සඳහා මුදල් අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැති බවත් මහජනතාවට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශකර සිටිනවා. මෙසේ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් මුදල් ලබාදෙන ලෙස ඉදිරිපත් වුනොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කරන්න යැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ව්‍යාජ පුද්ගලයන් විසින් ණය ගණුදෙනුකරුවන් වෙත යවන ලද ලිපියක් පහතින් ,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!