Gossip

“හැමදේ විසඳෙන්නේ ඉරණම අනුව ලොවේ.. දිය කැළඹුණද මඟ වැළකිය හැකිද නැවේ” – නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා දියණියගේ මංගල ගමනට කවියකින් සුබ පැතූ හැටි

නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ෂාන් විඡේලාල් ද සිල්වාගේ බාල දියණියගේ විවාහ උත්සවය පැවතියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකය.
ෂාන්ගේ පාර්ශවයෙන් විවාහයට අත්සන් කරනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය.
විවාහයට අත්සන් කිරීමට පෙර ජනාධිපතිවරයා මනාල යුවළ හා පවුලේ අය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
විවාහය ලියාපදිංචි කරනු ලැබුවේ තිඹිරිගස්‌යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායකයි. සර් අද මගේ කාර්යාලයේ අගමැතිතුමා ඇවිත් අලුත් ගොඩනැඟිල්ලක්‌ විවෘත කරනවා ඒකත් දමලා තමයි ආවේ ඇය ජනාධිපතිවරයාට කීවාය.
ඔව් මටත් අද ගොඩක්‌ වැඩ තියෙන දවසක්‌ ෂාන් මටත් පක්‌ෂයටත් ගොඩක්‌ හිතවත් ඒ නිසා නෑවිල්ලා ඉන්න බැහැ ජනාධිපතිවරයා කීවේය.
මෙකී විවාහ මංගල උත්සවය සඳහා දේශපාලනඥයන්ගෙන් ආරාධනා ලැබ තිබුණේ මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර යන දෙදෙනාට පමණි.
මෙහිදී ෂාන් සිය දියණියට ආශීර්වාද කළේ කවියෙනි.

හැම දේ විසඳෙන්නේ ඉරණම අනුව ලොවේ
දිය කැළඹුණද මඟ වැළකිය හැකි ද නැවේ
පැරදී නොලද හැකි දිනුමක්‌ නොමැත ලොවේ
වැටුනත් නැගිට වැලි පිස යා යුතුය දුවේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!