Gossip

“අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්” සම්මාන රාත්‍රිය හැඩ වූ හැටි – Photos

“අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්” සම්මාන රාත්‍රීය කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණා.

ශ්‍රී ලංකා නාමයට සුවිශේෂී කීර්තියක් එක්කරමින් සිය වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටු කළ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් ඇගයීමට මෙය සංවිධානය කර තිබිණ.

අති උත්කර්ෂවත් අයුරින් පැවැති සම්මාන උළෙල දෙරණ මාධ්‍ය ජාලය මෙවර සංවිධානය කළේ දෙවැනි වතාවටයි.

මෙහිදී තෝරාගත් විවිධ ක්ෂේත්‍රයන් 14ක් උදෙසා ශ්‍රී ලාංකේය සළකුණ තැබූ විශිෂ්ටයින් සම්මානයට පාත්‍රවිණ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී විශිෂ්ට ශ්‍රී ලාංකේය සළකුණට (Icon of the Year)හිමි සම්මානය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකළ මුත්තයියා මුරලිදරන් විසින් හිමිකර ගත් අතර ජනප්‍රිය සම්මානය (Popular Award) සංගීත ශිල්පී චාමර වීරසිංහ විසින් හිමිකර ගන්නා ලදී.

එසේ සම්මානයට පාත්‍ර වූ සියලු විශිෂ්ටයින්ගේ නම් පහත පරිදිය.

Ada Derana Sri L ankan of the year 2017 – Sports – දිනේෂ් ප්‍රියන්ත හේරත්

Ada Derana Sri L ankan of the year 2017 – entertainer Classical Category- රවිබන්දු විද්‍යාපති.

Ada Derana Sri L ankan of the year 2016 – Entertainment Distinguished Achivment- කලාකීර්ති අයිරාංගනී සේරසිංහ.

Ada Derana Sri L ankan of the year 2016 – Entrepreneur- අබාන් පෙස්ටොන්ජි

Ada Derana Sri Lankan of the year 2016 – Global Businesman- මහේෂ් අමලීන්

Ada Derana Sri L ankan of the year 2016 – Global Scientist – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ.

Ada Derana Sri L ankan of the year 2016 – Global Entertainer- රොෂාන් ද සිල්වා.

Ada Derana Sri L ankan of the year 2016 – Global Professional- සිසිල් බැල්මොන්ඩ්.

Ada Derana Sri L ankan of the year 2016 – Popular Category – චාමර වීරසිංහ

Ada Derana Sri L ankan of the year 2016 – Public Service- ගාමිණී විජේසිංහ.

Ada Derana Sri L ankan of the year 2016 – Unsung Hero- ලිලී වයලට්, තිලිනි නදීකා ශැලිවින් යන දෙදෙනා.

Ada Derana Sri L ankan of the year 2016 – Bravery Award- නවීන් ධනුෂ්ක, නිහාල් සරත් කුමාර, එරංග විකුම්සිරි යන තිදෙනා.

Ada Derana Sri L ankan of the year 2016 – Lifetime Achivement- ශ්‍රී ලංකා අභිමානය ලෙස්ටර් ජේම්ස් පීරිස්

Ada Derana Sri L ankan of the year 2016 – Icon – මුත්තයියා මුරලිදරන්

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂත්වය බවට පත්වූයේ දේශපාලන ක්ෂේත්‍රයේ කිසිවෙකුත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සලකා නොබැලීමයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය වීමට මත්තෙන් මෙරට විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලාංකීය අභිමානය ඔප් නැංවූ රටේ සම්මානයට පාත්‍රවිය යුතු ගෞරවනීය පුද්ගලයින් පිළිබඳ අද දෙරණ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු කණ්ඩායමක් විසින් පුරා මාස 6ක පමණ කාලයක් තිස්සේ සමීක්ෂණයක් කරන ලදී.

එම සමීක්ෂණයෙන් ලැයිස්තු ගත කරන ලද සියයක පමණ පිරිසක් කෙටි ලැයිස්තු ගත කොට මෙවන් අභිමානවත් සම්මාන රාත්‍රීයක සම්මාන ලැබූවන් තෝරාගනු ලැබුවේ අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කුසලතා පළ කළ ප්‍රවීණ, උගත්, බුද්ධිමත් මහාචාර්ය ජේ.බී දිසානායක, ජෙනරාල් දයා රත්නායක, දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ඩයන් ගෝමස්, විජිත යාපා, ජයන්ත ධනපාල, නාලක ගුණවර්ධන, ජෙසීමා ඉස්මයිල්, චන්ද්‍රන් රත්නම් යන විශේෂඥයින් නවදෙනාගෙන් සමන්විත ජූරිය විසිනි.

මෙම සම්මාන රාත්‍රීය නැරඹීම සඳහා විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක් හිල්ටන් හෝටලයට පැමිණ සිටියහ.

f

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!