Gossip

මම සිරා ලව් කරන්නේ නැහැ – මේ මොහොතේ ජීවත්වෙන කෙනා එක්ක මම ජීවත් වෙනවා – දසුන්

දසුන් පතිරණ කියන්නේ මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි කොයි කවුරුත් ආදරේ කරන චරිතයක්. මේ දසුන් සතිඅන්ත පුවත්පතක් සමග කළ කතාබහක්.

දසුන් මොකද මේ ගෙදරට වෙලා?
මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුණා. ඒක දිග කතාවක් කියන එක ටෙලි නාට්‍යය කරලා මම ඉවර කළා. ඊළඟ මෝදර බඹරු කියන නාට්‍යය කරනවා. ඒකේ ෂූටිං තව ටිකක් කරන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක පසුගිය දවස්වල කරපු වැඩ ඉවරවෙලා දැන් ටිකක් විවේකීයි.

වැඩිය වැඩබාර ගත්තේ නැත්තේ ඇයි?
මම වැඩිය මෙගා වැඩ කරන්නේ නෑ. අනික මම වැඩක් කරන අතරේ පොඩි නිවාඩුවකුත් ඕන වෙනවා. මට වැඩ වැඩ කියලා ඒ දේවල්ම කරන්න ටිකක් අමාරුයි.

ඔය නිවාඩු කාලේදී දසුන් මොකද කරන්නේ?
මට යාළුවෝ සෙට්එකක් ඉන්නවා. වැඩම එකදිගට කළොත් ස්ට්‍රේස් වෙනවා. අපේ යාළුවෝ සෙට්එකට එකතැනකට වෙලා ඉන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. ඒනිසා ඒවගේ වෙලාවට අපි ඇවිදින්න යනවා. පාටිදානවා. මම අවුරුදු දහනමයෙන් රඟපෑමට ආව නිසා ඉස්කෝලේ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වුණා.

දසුන් කේරි විදුහලේදී කොහොම චරිතයක්ද?
ඉස්කෝලේදී හොඳ ළමයෙක් නෙවෙයි. මම ඉස්කෝලේදී ඩ්‍රාමයි, ඩාන්සින්වලට විතරමයි අඩුම තරමේ සහතිකයක්වත් තියෙන්නේ. ඉස්කෝලේදී කළේම පිස්සු වැඩ. පොඩි කාලේ ඉඳන්ම නාට්‍යය පිස්සුවයි, ඩාන්සින් පිස්සුවයි මට තිබුණා. ඒත් මම කවදාවත් නළුවෙක් වෙනවා කියලා කාටවත් එහෙම කියලා නෑ. ඉස්සර කවුරුහරි ඇහුවොත් කවුරු වෙන්නද ආස කියලා මම කියන්නේත් ලේසියට ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.

එතකොට හිතේ හැංගිලා හිටිය නළුවා කොහොමද එළියට ආවේ?
මම ඩාන්සින් එහෙම කළාට මගේ ටාගට්එක මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ දවස්වල මිල්ල සොයා වගේ ෆිල්ම් බලලා පිස්සු හැඳිච්චි වෙලාවක මම දැනගත්තා මහේන්ද්‍ර අයියගේ workshop ඒක තියෙන්නේ මහරගම කියලා. ඒකත් එක්කම පහුවදා මම ලොකු අයියා හොයාගෙන workshop එකට ගියා. එතැනින් තමයි මගේ ජීවිතේට අලුත් ටාගට් එකක් ඇතිවුණේ.

මතකද මුලින්ම කරපු නිර්මාණය?
මම රස්තියාදුකාර කියන ටෙලිනාට්‍යයයේ පොඩි චරිතයක් කළා. ඒ කාලේ අපිව එහෙම කවුරුවත් වැඩවලට ගත්තෙත් නෑ. මම හිතනවිදියට මාව ප්‍රේක්ෂකයින් අතරට ගෙනගිය නාට්‍යය තමය ඒලෙවල් ඉවරයි කියන නිර්මාණය. මම අහසින් වැටුණා ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. එතකොට සමහර අය හිතුවේ මම beach boy කෙනෙක් කියලයි. ඒකෙන් මට සම්මාන දෙකකුත් ලැබුණා.

සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන කට්ටිය මොකද කියන්නේ?
සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීමට මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ පිටපත ලැබුණු ගමන් මම ඒ චිත්‍රපටය පැනලා බාරගත්තේ. බොරු කියන්න ඕනේ නැහැනේ. සමහරු මට කිව්වා පිස්සු කරන්න එපා බං… ඕක හොඳ නැහැ. කියලත්… ඒ වෙනකොට මිනිස්සු දැනගෙන හිටියේ මම Love boy කෙනෙක් විදිහටනේ. ඒ නිසා ඒ අය මගෙන් ඒ වගේ චරිතයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒත්… මම නළුවෙක් විදියට හිතුවේ මේක මට ලැබුණු හොඳ චාන්ස් එකක් විදිහටයි. ඒ නිසා මම ඒ නිර්මාණයත් කළා.

Love boy ගේ සැබෑ ආදරය ගැනත් කතා කරමු?
මම හොඳ ආදරවන්තයෙක් නෙමෙයි කියලා මම දන්නවා. එක ගෑනු ළමයෙක්ට මැරීගෙන ආදරය කරන කොල්ලෙක් නෙමෙයි මම. ඒවා තියෙන්නේ අපි දකින ෆිල්ම්වල විතරයි. මම පෙම්වතෙක් කියන ආකල්පය මට කවදාවත් ඇතිවෙන්නේ නෑ. මේ මොහොතේ ජීවත්වෙන කෙනා එක්ක මම ජීවත් වෙනවා. ඒ කෙනාගෙයි මගෙයි ඉදිරිය ගැන මම දන්නේ නෑ. මම සම්ප්‍රදායික ආදරවන්තයෙක් නෙමෙයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!