Gossip

මම දසුන්ව කාලයක ඉඳන් ඇසුරු කළා, ඇත්තටම දුකයි – මියගිය දසුන් නිශාන් විකුණා පහත් ලිංගික ආශාවන් පිරිමසා ගන්න හදපු හැටි මෙන්න

රංගන ශිල්පී දසුන් නිශාන් ජීවිතේ නැතිකරගෙන හැමෝම දාලා ගියේ කාගෙත් හිත්වලට ලොකු දුකක් වගේම මතකයක් ඉතිරි කරමින්.
දසුන් ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා.
දසුන්ගේ ජිවිත කතාව කියලා මියුසික් වීඩියෝ එළියට එනවා.
මේ හැමදේම අතරේ දසුන්ගේ පවුලට සිද්ධවුණු අකරතැබ්බයක් ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබුණා.
ඒ මේ විදිහට.
මියගිය දසුන්ගේ යහළුවෙකු යෑයි කියා නිවසට පැමිණි හොර තක්‌කඩියෙකු පසුගිය දවසක නිවසට ඇවිත්.
කිසිම බියක්‌ සැකක්‌ නොමැතිව මිනියක්‌ වුවත් විකුණා කෑමට උපන් හැකියාවක්‌ ඇති එම හොර තක්‌කඩියා නමින් මහේෂ්ය. ස්‌ථිර පදිංචියක්‌ නොමැති ඔහු කලින් කලට ගම්පහ ප්‍රදේශයේ විවිධ ස්‌ථානවල ජීවත් වෙයි. පහතින් පෙළගැසෙන්නේ එම හොර තක්‌කඩියා මියගිය දසුන්ගේ නිවසට පැමිණ සිදුකිරීමට ගිය අපරාධයක සුලමුලයි.

හරිහමන් අධ්‍යාපනයක්‌ නොලද මහේෂ් පාසල් පවා ගියේ දෙමාපියන්ගේ බලකිරීම මතයි. කුඩා කල සිටම මොහු ගත කළේ ගුප්ත ජීවිතයකි. වැඩි කතාබහක්‌ නොකළ මොහු ඇසුරු කළේ සීමිත යහළුවන් පිරිසකි. ඔවුන්ද ඉතා විශේෂිත අය විය.

යමක්‌ කමක්‌ තේරෙන වයසේ සිට මහේෂ් ලස්‌සන පිරිමි ළමුන්ට විශේෂිත ඇල්මක්‌ දැක්‌වීය. කොටින්ම කියතොත් ඔහුගේ ලිංගික ආකර්ෂණය තිබුණේ විරුද්ධ පාක්‍ෂිකයන් සමඟ නොව සම පාර්ශ්වය සමඟිනි. ඔහු ජීවත් වූ ගම් ප්‍රදේශයේ බොහෝ අය මේ බව දැන සිටියහ. එම නිසා ගමෙන් ඔහු කොන් විය.

උපන් ගමේ ජීවත් වුවහොත් තම සිතැඟි ආශාවන් ඉටුකර ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් ඔහු ගමෙන් පිටවන්නේ පැදුරටවත් නොකියාය. එලෙස පිටවූ ඔහු අයාලයේ යන ගොන් වස්‌සෙක්‌ මෙන් තැනින් තැන ඇවිදීමට පුරුදු විය. ඒ අතර තමන්ගේ සිතට වදින තරුණයකු දුටුවහොත් ඔහු පසුපස යැමටද මොහු අමතක නොකළේය.

හරිහමන් රැකියාවක්‌ නොකළ මොහු ජීවත්වීම සඳහා නොයෙක්‌ කාර්යයන්වල නිරත විය. විටෙක දුම්රියේ රටකජු විකුණන මොහු තවත් විටෙක ආපන ශාලාවක වළං, පිඟන් සෝදන්නේය. එලෙස වැඩකර යම්කිසි මුදලක්‌ උපයා ගන්නා මොහු අවසානයේ ඒවා වියදම් කරන්නේ තමන් කැමැති තරුණයන් සඳහාය.

ඉතා කපටි සහ වංචනික පුද්ගලයකු වූ මොහු තරුණයන් පසුපස හඹා යන්නේ ඉතාමත් සූක්‍ෂම අයුරිනි. ගම්පහ සහ තදාසන්න ප්‍රදේශවල පොදු උත්සව, ආගමික උත්සව සහ අවමංගල්‍ය උත්සවවලට දැන හැඳුනුම්කමක්‌ නොමැති වුවත් අනිවාර්යයෙන්ම මොහු සහභාගි වෙයි. එලෙස සහභාගිවන්නේ කෙලෙස හෝ තරුණයකු මිතුරු කරගෙන තම ලිංගික අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහාය.

එලෙස නන්නත්තාරයේ ඇවිදින මොහු සැප්තැම්බර් මාසයේ එක්‌තරා දිනක ගම්පහ නගරයේ අවමංගල්‍ය ශාලාවක මිනියක්‌ තැන්පත් කර තිබෙනු දුටුවේය. වහාම එහි ගිය මෙම, අසහනකාරයා එම අවමංගල්‍ය උත්සවය පිළිබඳව විපරම් කර බැලුවේය. එදින එහි තැන්පත් කර තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිෂාන් ද සිල්වාගේ දේහයයි.

විනාඩි කිහිපයක්‌ යන්නට මත්තෙන් එම මියගිය නළුවා ගැන සියලු තොරතුරු මොහු සොයා ගත්තේය. ඉන් පසු මොහු හැසිරුණේ මියගිය දසුන්ගේ හොඳම යහළුවකු ලෙසින්ය. දසුන්ගේ දේහය මිහිදන් කරනතුරු පුරා දින දෙකක්‌ මොහු දුක්‌මුසු මුහුණක්‌ පෙන්වමින් එහි රැඳී සිටියේය.

එම කාලය අතරතුර මෙම වංචනිකයා ඉතා සූක්‍ෂම ලෙස මියගිය දසුන්ගේ පවුලේ සියලු තොරතුරු සොයාගෙන තිබුණි. ඒ අනුව දසුන්ට සිටින්නේ එකම සොහොයුරෙක්‌ බව මොහු දැනගත්තේය. පාසල් සිසුවකු වන ඔහු ද දසුන් මෙන්ම කඩවසම් තරුණයකු විය. මෙම අසහනකාරයාගේ සිත තුළ එම පාසල් සිසුවා පිළිබඳව අමුතු හැඟීමක්‌ පහළ විය. ඒ අනුව මොහු දසුන්ගේ මව සමඟ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය.

දසුන්ගේ හත් දවසේ පිංකමටද මෙම වංචාකාරයා සහභාගි විය. දසුන් සමඟ කිසි දිනක වචනයක්‌වත් කතා නොකර තිබූ මොහු එදින හැසිරුණේ දසුන්ගේ හොඳම යහළුවා ලෙසින්ය. පුතුගේ වියෝව දරා ගැනීමට නොහැකිව අසිහියෙන් මෙන් සිටි දසුන්ගේ මවද සිතුවේ ඇත්තටම ඔහු තම පුතාගේ කළණ මිතුරෙක්‌ බවයි.

සත් දවසේ පිංකම අවසන් වී දින දෙකක්‌ යන්නට මත්තෙන් මෙම වංචාකාරයා යළි දසුන්ගේ නිවසට පැමිණියේය. ඒ දසුන්ගේ මව මුණගැසීම සඳහාය. එහි පැමිණි ඔහු තමාව හඳුන්වා දුන්නේ මෙසේය.

“මම රජයේ බැංකුවක ඉහළ නිලයක්‌ දරන කෙනෙක්‌. ඊට අමතරව මට ගම්පහ නගරයේ හෝටලයකුත් තියෙනවා. මම දසුන්ව කාලයක ඉඳන් ඇසුරු කළා. ඇත්තටම දුකයි, දසුන් කරගත්ත දේ ගැන.

මාගේ ජීවිතයට ආයේ දසුන් වගේ යාළුවෙක්‌ කවදාවත් හම්බවෙන එකක්‌ නැහැ. මේ ප්‍රශ්න මොනවත් මට කියලා තිබුණේ නැහැ. එහෙම කියලා තිබුණනම් මම නිතරම දසුන් ගැන සොයලා බලනවා. මෙයා රත්තරන් හදවතක්‌ තිබුණ කෙනෙක්‌.

පෙර කරුමෙකට වෙන්න ඇති මේ වගේ දෙයක්‌ කරගන්න ඇත්තේ. අපි දැන් දුක්‌වෙලා වැඩක්‌ නැහැ. එයා වෙනුවෙන් පිංදහම් කරමු අම්මේ. මමත් උදව් කරන්නම් මේ වගේ වැඩවලට. දසුන් මගේ යහළුවෙක්‌ නොවෙයි සහෝදරයෙක්‌.

රංගන ශිල්පී දසුන් ගැන එවැනි කතා රැසක්‌ කියමින් ඔහු අසරණ මවගේ සිත ගැනීමට මෙම වංචාකාරයා සමත් විය. අවසානයේ ඇය තමාගේ පුතෙකුට මෙන්ම එම වංචාකාරයාටද සැලකුවේය. එයින් උපරිම ප්‍රයෝජන ගත් මොහු නිතරම මියගිය දසුන්ගේ නිවසට පැමිණියේය.

දින කිහිපයක්‌ යද්දී ඔහු එම නිවසේ සාමාජිකයෙක්‌ මෙන් හැසිරුණේය. නිතරම දසුන්ගේ හොඳ ගතිගුණ පවසමින් තව තවත් එම පවුලේ උදවියට සමීප විය. මෙම අසහනකාරයාගේ එකම අරමුණ වූයේ කෙලෙස හෝ දසුන්ගේ එකම සහෝදරයා සමඟ සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමයි. ඒ කිසිවක්‌ නොදැන සිටි දසුන්ගේ සහෝදරයා මෙම අපතයාට සැලකුවේ තම එක කුස උපන් සහෝදරයකුට මෙනි.

දසුන්ගේ මව සහ සහෝදරයා ජීවත්වන එම නිවසේ වැඩ අවසන් කර තිබුණේ සුළු කොටසක පමණි. එම නිසා එහි තවත් බොහෝ වැඩ කිරීමට තිබුණි. දිනක්‌ මෙම වංචාකාරයා දසුන්ගේ මවට මෙලෙස පැවසුවේය.

“ඇන්ටි මම මේක කියන්නත් දින කීපයක ඉඳන් හිතං හිටියේ. වැරදියට හිතන්න එපා. මාගේ මියගිය තාත්තාට පිං පිණිස සහ දසුන්ට කරන උදව්වක්‌ වශයෙන් මම තුන් මාසේ පිංකමට කලින් ගෙයි ඉතුරු වැඩටික කරලා දෙන්නම්.”

“අනේ පිස්‌සුද පුතේ. ඔයාගේ උදව් අපිට එපා. බොහොම ස්‌තුතියි. දසුන්ගේ මව එසේ පැවසුවේය.

එහෙත් මෙම වංචාකාරයාගෙන් ඇයට බේරීමට නොහැකි විය. නිවසට පැමිණෙන සෑම මොහොතකම ඔහු පවසා ඇත්තේ තමා සේවය කරන බැංකුවෙන් ණය මුදලක්‌ ලබාගෙන නිවසේ ඉතිරි වැඩ කටයුතු සිදුකරන බවයි. එහෙත් දසුන්ගේ මව එම ඉල්ලීම එක හෙළාම ප්‍රතික්‌ෂේප කර තිබේ. නිවසට පැමිණෙන සමහර අවස්‌ථාවල කෑම වර්ග පවා මොහු රැගෙනවිත් තිබේ.

නිවසේ ඉතිරි කොටස්‌ සෑදීමට දසුන්ගේ මව විරුද්ධවූ නිසා මෙම වංචාකාරයා ඊළඟට පවසා ඇත්තේ තම පියාට පිං පිණිස දසුන්ගේ සහෝදරයාට ඉඩමක්‌ අරන් දෙන බවයි. සත පහක්‌ අතේ නැති මොහු මෙලෙස එම පවුලේ අය රවටන්නේ දසුන්ගේ සහෝදරයාට ඇති කැමැත්ත නිසාය.

මහේෂ් නමැති මෙම වංචාකාරයා නිතරම පවසන්නේ ඉඩමක්‌ අරන් දෙන බවයි. කරදරයෙන් බේරෙන්න බැරි තැන දසුන්ගේ මව තම හිතවතුන් කිහිප දෙනකුට මේ බව පවසා තිබේ. අවසානයේ ඔවුන් පවසා ඇත්තේ එම පුද්ගලයාගේ මියගිය පියාට පිං පිණිස එම කර්තව්‍ය සිදුකරන නිසා එයට කැමැති වන ලෙසයි.

කැමැත්ත ප්‍රකාශ කළ පසු මෙම වංචනිකයා කැමැති ඉඩමක්‌ සොයන ලෙස දසුන්ගේ මවට පවසා තිබේ. එහෙත් ඇය පවසා ඇත්තේ ඔහුට කැමැති ඉඩමක්‌ රැගෙන දෙන ලෙසයි. මේ අතර අවස්‌ථා කිහිපයකදී ඇතිවූ යම් යම් සිද්ධීන් කිහිපයක්‌ නිසා එම පුද්ගලයා ගැන දසුන්ගේ මවට සැක සිතී තිබුණි. ඒ සැකය සිතේ තබාගෙන තව තවත් ඔහු ගැන අධ්‍යයනය කර තිබේ.

ඒ අතර ඇයගේ සැකය තවත් වැඩිවී ඇත්තේ රාජ්‍ය බැංකුවක ඉහළ තනතුරක්‌ දරන බව කී ඔහු බොහෝ විට සතියේ දිනවල පවා එම නිවසේ රැඳී සිටීමයි. ඒ ගැන ඇය ඔහුගෙන් විමසූ විට පිළිගත නොහැකි බොරු පවා ඔහු පවසා තිබුණි.

තත්ත්වය එසේ තිබියදී එක්‌ දිනක මොහු කලගෙඩිහේන ප්‍රදේශයේ ඉඩමක්‌ ඇති බව පවසා එය බැලීමට එන ලෙස පවසා තිබේ. ඒ අතර දසුන්ගේ මව සහෝදරයා සහ මොහු එම ඉඩම බලා මොහු එහි අයිතිකරුවන් සමඟ ගනුදෙනු කතාබහ කළහ. දසුන්ගේ සහෝදරයාද එම ඉඩමට කැමැති වී තිබුණි. ඉඩම අයිතිකරුට පුතෙක්‌ සිටියේය. ඔහු දසුන්ගේ සහෝදරයාගේ වයසේ අයෙක්‌ විය.

මෙම වංචනිකයාට එම තරුණයා කෙරෙහිද ආශාවක්‌ ඇතිවිය. ඒ අනුව ඔහු දින කිහිපයක්‌ එම නිවසට ගියේ වියළි ආහාර ද්‍රව්‍ය සහ එළවළු ආදියද රැගෙනයි. ඒ සෑම අවස්‌ථාවකම එම නිවැසියන් සමග දසුන්ගේ මවට ඉතාමත් අපහාස වන අයුරින් ඔහු බැණ වැදී තිබුණි. නිතරම පැමිණෙන මෙම තරුණයා ගැන ඔවුනට සැක සිතුණි. මේ පිළිබඳව ඔවුන් දසුන්ගේ මවටද පැවසීය.

එය ඇසීමත් සමග ඇයගේ සැකය තව තවත් වැඩිවිය. මෙම පුද්ගලයා කෙබඳු කෙනෙක්‌ද යන්න දැන ගැනීමට ඇයට අවශ්‍ය වූවාය. තම හිතවතුන් කිහිප දෙනෙකුට ඇය ඒ පිළිබඳව පැවසුවාය. ඔවුන් පැවසුවේ කෙලෙස හෝ ඔහුව නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. ඒ අනුව ඇය එම පුද්ගලයාට දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ පොඩි ගමනක්‌ යැමට අවශ්‍ය බවත් වහාම නිවසට පැමිණෙන ලෙසත්ය.

පසුගිය මස 31 වැනිදා සවස 6.30 ට පමණ එම පුද්ගලයා දසුන්ගේ නිවසට පැමිණියේය. ඒ වන විටත් ප්‍රදේශවාසීහු ඇතුළු කිහිප දෙනෙක්‌ එහි රැඳී සිටියහ. මෙම වංචාකාර පුද්ගලයා නිවසේ සෙනග රැඳී සිටිනු දුටුවේය. මහත්සේ බියට පත්වූ ඔහු ආපසු හැරී දිවීමට පටන් ගත්තේය.

ඔහුට දිවීමට හැකි වූයේ මඳ දුරකි. ප්‍රදේශවාසීහු එකතු වී එම පුද්ගලයා අල්ලා ගත්හ. ඉන් පසු ඔහුගෙන් තොරතුරු විමසීමට තැත් කළත් කිසිවක්‌ ප්‍රකාශ කර නොමැත. එයින් කිපුණු ගම්වාසීහු ගුටි බැට කිහිපයක්‌ ඔහුට එල්ල කර අතපය ලණුවලින් ගැට ගැසූහ. එයින් බියට පත්වූ එම වංචාකාරයා සියලු තොරතුරු දසුන්ගේ මව සහ එම පිරිස ඉදිරියේ පැවසීය.

ඒ අනුව මෙම වංචාකාරයා එම නිවසට පැමිණ ඇත්තේ දසුන්ගේ සහෝදරයාට තිබූ කැමැත්ත නිසාය. එතැනින් නොනැවතී මෙම වංචාකාර පුද්ගලයා එම පළාතේ වෙළෙඳසල්වලින් මියගිය රංගන ශිල්පී දසුන්ගේ නම පවසා වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු ආදිය ලබාගෙන තිබේ. එම වෙළෙඳසල් හිමියන්ට පවසා ඇත්තේ මියගිය දසුන්ගේ මවට සහ සහෝදරයාට කන්න බොන්න විදිහකුත් නැතිව අන්ත අසරණ වී සිටින බවකි.

එලෙස ලබාගන්නා ආහාර සහ එම ද්‍රව්‍ය ආදිය මොහු සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන නිවැසියන්ගේ නිවෙස්‌වලට ලබාදෙයි. අවසානයේ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව මිනිසුන්ට වංචා කරමින් තම පහත් ආශාවන් ඉටුකර ගැනීමට තැත් කළ මෙම පුද්ගලයා ගම්වාසීහු නිට්‌ටඹුව පොලිසියට භාර දුන්හ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!