Gossip

ප්‍රයිවට් බස් රියදුරාගේ වෙට්ටුව නිසා ලංගම බස් රථයක් වව්නියාවේදී බල්ටි ගැසූ හැටි කැමරාවේ සටහන් වෙයි – වීඩියෝ

රියදුරන්ගේ නොසැලකිල්ල නිසා අකාලයේ ජීවිත නැතිවුණු පුවත් අපි ඔබට නිතරම වාර්තා කරනවා.
ඒ විදිහට වැඩියෙන්ම අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ පෞද්ගලික බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් ධාවනය නිසයි.
පසුගිය තුන්වැනිදා මුලතිව් පරන්තන් ප්‍රධාන මාර්ගයේ පුද්ගලික බස් රථ රියදුරෙක් නිසා සිද්ධවුණු අනතුරක් ලංගම බස් රථයක සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන්වී තිබුණා.
ලංගම බස් රථය ඉස්සර කරන්න ගිය පුද්ගලික බස් රථය මග හරස් කරමින් දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථය පෙරලී ගිය අයුරු එහි දැක්වෙනවා.
මේ අනතුරෙන් 12 දෙනෙකුට තුවාල සිදුව තිබූ අතර ඔවුන් මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුණා.

අදාල වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!