Gossip

“හැමෝම හඳුනන ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනි කියන හැඟීම චූටි දවස්වල ඉඳන්ම මගේ හිතේ තිබුණු දෙයක්”

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් තමයි දෙවැනි ඉනිම.
රසික හදවත් වැළඳගත් මේ ටෙලි සිත්තමෙන් රංගන දිවිය ඇරඹූ චරිතයක් තමයි ට්‍රිශාලා නටාෂි.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු සටහනක්.

ඔබ ගැන හඳුන්වා දෙන්න කීවොත් මොනවද කියන්න තියෙන්නේ?
මම හරිම සරල විදියට ජීවත්වෙන කෙනෙක්. නමින් කවුරුත් මාව දන්නේ ට්‍රිෂාලා නටාෂි නමින්. ගම් ප්‍රෙද්ශය ගම්පහ. ඉතින් හැමෝම එක්ක සුහදව ගොඩක් සතුටින් ඉන්න සරල චරිතයක් තමයි ට්‍රිෂාලා කියන්නේ.

කොහොමද ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
උදිත අබේරත්න මගේ මාමා මාර්ගයෙනුයි මට මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්න අවස්ථාව ලැබෙන්නේ.
ඔහුත් රංගන ශිල්පියෙක්. මුලින්ම වෙළෙඳ දැන්වීම් තුළිනුයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. පහවසරේ ඉඳන්ම මට වෙළෙඳ දැන්වීම් හරහා පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.

ඇයි හිතුනේ මේ ක්ෂේත්‍රයට එන්න?
මම කලාවට ගොඩක් ආදරෙයි. නර්තනයටත් මම දක්ෂයි. ඒවගේම සංගීත අංශයෙන් මේ වෙනකොට විශාරද හදාරනවා. ඒ විදියට කලාවට තියෙන කැමැත්ත වගේම මගේ හැකියාව නිසා මේ ක්ෂේත්‍රය නියෝජනය කරන්න මම යොමු වුණා.

දිගටම කලාවේ රැඳෙන්න නම් ඒ ගැන හැදෑරීමක් තියෙන්න ඕන නේද?
ඔව් හැදෑරීමක් අවශ්‍යයි. මම ගොඩක් කැමති සංගීත අංශයෙන් ඉදිරියට යන්න මේ වෙනකොටත් සංගීත විශාරද හදාරමිනුයි ඉන්නේ. තවම සිංදුවක් නම් කරන්න බැරි වුණා. නමුත් ඉදිරියේදී සිංදුවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

මේ වෙනකොට නිර්මාණ කීයකට ඔබේ රංගනය ලබාදීලා තියෙනව ද?
මියුසික් වීඩියෝ ගත්තොත් නම් 6කට 7කට වගේ මම රූප රචනා සඳහා රංගනය ලබාදීලා තියෙනවා. ගොඩක්ම වෙළෙඳ දැන්වීම් හරහායි මම පෙනී සිටින්නේ. ටෙලි නාට්‍ය නම් දෙවෙනි ඉනිම තමයි මගේ පළමුවෙනි ටෙලි නාට්‍ය අත්දැකීම.

අද වෙනකොට ලබන ජනප්‍රියත්වය පොඩිකාලේ ඉඳන්ම තිබුණු හීනයක් ද?
හැමෝම හඳුනන ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනි කියන හැඟීම චූටි දවස්වල ඉඳන්ම මගේ හිතේ තිබුණු දෙයක්. ඉතින් දැන් මට සතුටුයි ඒ හීනය හැබෑ වීම ගැන.

දෙවෙනි ඉනිමේ ඔබේ චරිතය ගැන කියන්න කීවොත්?
දවෛනි ඉනිමේ මගේ චරිතය “මධුකා” කියන චරිතය ඇය ටිකක් විතර කටකාර ඒ වගේම දඟකාර චරිතයක්. සැබෑ ජීවිතේ දී නම් මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන සරල නිහඬ කෙනෙක්. තවත් සැබෑ ජීවි එහෙම වුණත් මධුකා කියන චරිතයට මම උපරිම සාධාරණය ඉටු කරනවා කියලා මම හිතනවා.

මේ ඔබේ ප්‍රථම චරිතයනේ මොනවගේ ප්‍රතිචාර ද ඔබට ලැබෙන්නෙ?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නාට්‍යට මම අවස්ථාව ලබා දුන්නේ නිරුක්ෂාන් ඒකනායක අයියා. මම ඔහුට ස්තූති කරනවා මට මේ අවස්ථාව ලබාදුන්නාට. මම හිතනවා සාරංග මෙන්ඩිස් අයියා වැනි කෙනෙක් යටතේ දවෛනි ඉනිමේ වැඩකරන්න ලැබිම ලොකු භාග්‍යක් හැටියට.

දිගටම කලාවේ නියැලෙන්නද ඔබේ අදහස?
ඔව්. දිගටම කලාවේ රැඳෙන්න මම කැමතියි. කලාව තුළින් මට යන්න පුළුවන් උපරිම දුරක් සාර්ථකව යාමයි මගේ බලාපොරොත්තුව.

තවම නවකයෙක් නිසා සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවද?
තවම නම් චිත්‍රපට සඳහා අවස්ථා ලැබිලා නෑ. මම කැමති චිත්‍රපට තුළිනුත් මගේ රංගනය ලබා දෙන්න. ටෙලි ඩ්‍රාමා සඳහා නම් ආරාධනා ලැබෙනවා.

ඔබගේ පවුලේ විස්තර ගැන කතා කළොත්
මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. කලාවට සම්බන්ධ වෙනවට ඔවුන් මට කිසිදු බලපෑමක් කළේ නෑ. අම්මා නිතරම මාත් එක්ක ඉන්නවා. මම කරන දේවල්වල අඩුපාඩු හරිවැරදි පෙන්වලා දීලා මාව දිරිමත් කරන්නේ මගේ පවුෙලේ අය තමයි.

ඔබට සුදුසුම ක්ෂේත්‍රය කියලා හිතනවාද?
ඔව් මම හිතනවා කලාව තමයි මට සුදුසුම ක්ෂේක්ෂේත්‍රය කියලා. ඉතින් කාගේවත් බලපෑම්වලට හසුනොවී‍ මම හරියට මගේ ගමන ගියොත් මම හිතනවා කලාවෙන් මට ඉදිරියටම යන්න පුළුවන් කියලා.

නවකයෙක් හැටියට ප්‍රවීණයින්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
මගේ පළවෙනි ඩ්‍රාමා එක හැටියට මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තේ මම දවෛනි ඉනිමෙන්. එතැනදී ප්‍රවීණයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. නොදන්නා දෙයක් වුණත් කියලා දෙන එක පවුලක් වගේ වැඩකරන ආදරණීය පිරිසක් යටතෙයි මම වැඩකරන්නේ.

ඉදිරියේදී තියෙන බලාපොරොත්තු මොනවාද?
කලාවේ මම ගොඩක් කැමති සංගීතයෙන් ඉදිරියට යන්න. විශාරද හදාරලා සංගීත ක්ෂේත්‍රෙයන් ඉදිරියට යාම තමයි මගේ බපොරොත්තුව. ඒ අතරේ මම ලැබෙන රංගන කටයුතුත් කරගෙන කලාවේ රැඳී සිටින්නයි මට අවශ්‍ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!