Gossip

”ඔබ වහන්සෙ දන්නවා මං කාලි කියලා..මම ඔබ වහන්සෙගේ අම්මා..මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කලේ පැත්තකට විසි කරන්න කියලා” – ධම්මික බණ්ඩාර මහතා උස් හඬින් නාහිමියන්ගෙන් ප‍්‍රශ්ණ කරයි

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ඖෂධයක් සොයා ගන්නා ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය ජය ශ‍්‍රී මහා බෝධියට හා රුවන්මැලි මහා සෑයට අද දිනයේ පූජා කරන ලදී.

ජය සිරි මහා බෝධියේ ඉහළ මාලයට එය පූජා කිරීමට අවසර ඉල්ලුවද ඔහුට අවසර ලැබුවේ පහල මාලයට ඇතුළු වීමට පමණි.

එම කටයුතු නිම වීමෙන් පසු ධම්මික බණ්ඩාර මහතා පැමිණ අටමස්ථානාධිපති හිමියන් සමඟ වාදයක් ඇති කරගන්නා ලදී.

තමන් ලෝකය බේරා ගැනීමට සාදන ලද ඖෂධය සිරි මහා බෝධියට පූජා කිරීමට අවසර නොදුන්නේ මන්දැයි ඔහු උස් හඬින් නාහිමියන්ගෙන් ප‍්‍රශ්ණ කලේය.

‘ලෝකයේ සියළු දෙනාම බේරගන්න මං ඖෂධයක් හැදුවා. ඔබ වහන්සෙ දන්නවා මං කාලි කියලා. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කලේ පැත්තකට විසි කරන්න කියලා. මං උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගෙ බෝධි මූලයටයි මේ පූජාව කරන්න හැදුවෙ. ඇයි මට අවසර දුන්නෙ නැත්තෙ. මං කාලි. ඔබ වහන්සේගෙ අම්මා. මට මේ කටයුත්තෙන් ඉවත් වෙන්න අවසර දෙන්න’ යයිද ඔහු එහිදී පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!