Gossip

වසර ගණනක් තිස්සේ දඹුල්ලේ පන්සලක මිනී පෙට්ටියක් තබාගෙන සිටීමේ සැඟවුණු කතාව මෙන්න

පිං පෙට්ටියක් වෙනුවට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති අපූරු විහාරස්ථානයක් ගැන දඹුල්ල වෑවලවැව මොරගොඩමූකලාන පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

භික්ෂු සාමණේර තුන්නමක් වැඩ සිටින “ශ්‍රී සුගතභිනවාරාම” නම් එම විහාරස්ථානයේ මිනී පෙට්ටියක් තැන්පත් කර තැබීමට හේතුව කුමක්දැයි විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පැවසූවේ මෙවන් කතාවක්.

මේ මිනී පෙට්ටිය පන්සලට ගෙන්න කරුණු දෙකක් හේතු වුණා. එක් කරුණක් තමයි පසුගිය වකවානුවේ ගංගොඩේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණු මත්ද්‍රවය (කසිප්පු) නිසා තරුණ පරපුර විනාශ වුණා.
මේ අය රැකගන්න කියලා පොලීසිය ඉස්සරහා උද්ඝෝෂණය සංවිධානය කළා. මත්ද්‍රවය විකුණන උදවිය පොලීසියට අල්ලලා දුන්නා.
ඒ වැඩ නිසා මත්ද්‍රවය නිෂ්පාදනයෙන් ප්‍රතිලාභ ලබන ගමේ උදවිය දානේ දීමෙන් වැලකී හිටියා.
දැන් මාසෙටම දින 15 ක් විතරයි දානේ ලැබෙන්නේ. මාසේ ඉතිරි දින ගණන් නිරාහාරව ඉන්න වෙලා. හදිසියේ අපවත් වුණොත් මිනී පෙට්ටියක් ගන්න ගමේ උදවියට වත්කමක් නෑ.
දෙවැනි කාරණය තමයි මම තවත් භික්ෂූන් වහන්සේ නමකුයි අපවත් වුණාම අපේ මෘතදේහය පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට දෙනවා.
මගේ මෑණියන් මියගිය පසුත් මෘතදේහ වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මේ කාරනා තුනටම මිනී පීටියක් මිලදී ගන්න ගියොත් විශාල මුදලක් යනවා.
ඒ නිසා මේ මිනී පෙට්ටියේ මෘතදේහ තැන්පත් කරගෙන ගොස් වෛද්‍ය විද්‍යාලයට භාර දීලා ආපසු මිනී පෙට්ටිය පන්ලසේ තැන්පත් කරන්න පුළුවන්.
එතකොට මිනී පෙට්ටියකට මුදලක් වැය වෙන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!