Gossip

පාර්ලිමේන්තුව විසිරුවාහැරිය නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පසුගිය නොවැම්බර් 09 වනදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අදඅගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ , බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තින්දු කරනු ලැබුවේ පාර්ලිමේන්තුව වසර හතරාමාරක් වෙනතුරු විසිරුවාහැරිය නොහැකි බවයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!