Gossip

පාර්ලිමේන්තුව විසුරුවයිද? තීන්දුව ගැන රට වටේ මිනිස්සු ලොකු ගණන්වලින් ඔට්ටු තියයි? තීරණය තව පැයකින්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 04ට ප්‍රකාශයට පත් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය සඳහන් කළා.

කෙසේවෙතත් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍ර දේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය 07 වනදා අවසන් වූ මෙම නඩුවේ තීන්දුව ලබාදෙන තුරු බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

අදාළ තීන්දුව අද දිනයේ ලබාදෙන බවට ප්‍රකාශ වීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ තරාතිරම්වල පුද්ගලයින් අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඔට්ටු තබමින් සිටින බවට ද වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!